Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th October 2023 10:30:21 Hours

පාසල් දරුවන් හැට එක් දෙනෙකු සඳහා පාසල් පාවහන්, අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහනක් සිදු කරන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) සම්බන්ධීකරණයෙන් 2023.10.20 දියතලාව කදුරුගමුව මිහිදු විද්‍යාලයේ දරුවන් හැට එක් දෙනෙකු සඳහා පාසල් පාවහන් හා අනෙකුත් සියළු දරුවන් සදහා අධ්‍යාපනය සඳහා අවශ්‍ය අභ්‍යාස පොත් කට්ටල ලබා දෙන ලදි.

ඇන්කර් ෆොන්ටෙරා ආයතනයේ පුර්ණ අනුග්‍රහයෙන් යුතුව එම වැඩ සටහන සිදු කරන ලද අතර එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඒඑම්ඒ අ‍බේසිංහ ආර්ඩබ්ලිව්පි අර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්, ඇන්කර් ෆොන්ටෙරා ආයතනයේ විධායක නිලධාරී නිමල් ගමගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය හා ආරක්‍ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරීන් හා සෙසුනිලයින් පිරිසක් එම අවස්ථාව සඳහා සහභාගි වන ලදී.