Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th October 2023 17:57:22 Hours

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත්වු පුහුණු වැඩමුලුව සදහා 12 පාබල සේනාංක මුලස්ථානය වෙතින් සහය ලබා දීම.

12 පාබල සේනාංක මුලස්ථාන බල ප්‍රදේශයට අයත් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩලය සදහා තෙදින වැඩමුලුවක් 2023.10.12 දින සිට 2023.10.14 දින දක්වා එම රෝහල වෙතින් සංවිධානය කර තිබු අතර , එහි වෘත්තීය සංවර්ධනය සහ මහජන ප්‍රතිරූපය ගොඩනැංවීම යන මාතෘකාව යටතේ දේශණයක් පැවැත්විම සදහා යුද්ධ හමුදා උපදේශක නිලධාරියෙකුගේ සහය එම පාබල සේනාංක මූලස්ථානය වෙතින් ඉල්ලා සිටින ලදි.

ඒ අනුව 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සීඑස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මඟපෙන්විම යටතේ කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ මේජර් පිඑස් විදානගමගේ පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2023.10.12 වන දින හම්බන්තොට දිස්ත්‍රික් මහ‍ රෝහලේ දේශණ ශාලාවේදී එම දේශණය පවත්වන ලදි.