18th January 2021 15:39:51 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් 12 වන පාබල සේනාංකය වෙත හම්බන්තොට පිහිටි ඉන්දියානු නියෝජිත කාර්යාලයේ කොන්සල්ජෙනරාල් ඩිපින් පීආර් මහතා 2020 දෙසැම්බර් මස 08 වන දින සංචාරයක නිරත විය.
18th January 2021 12:11:30 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි නව ප්‍රධන මාණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධීකරණ) තනතුර වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා ගැමුණු හේවා බලකායට අයත්, නි/62956 ලුතිතන් කර්නල් ඊ ඩබ්ලිව් එම් ඩබ්ලිව් කේ බී අබේරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පිඑස්සි ගැහේබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 දෙසැම්බර් 28 වන දින 1014 පැයට යෙදුණු සුභ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදි.
18th January 2021 10:53:52 Hours
ආරක්ෂයක සේනා මුලස්ථානය (මධ්‍යම) නව කර්නල් සම්බන්ධීකරණ (ස්වෙච්ඡා) නිලධාරී වශයෙන් ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවට අයත්,නි/3197කර්නල් ජේ ඒම් එල් ජයසුන්දර ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 දෙසැම්බර් මස 17වන දින පෙ:ව 0910 පැයට යෙදුනු සුභමොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
07th December 2020 16:35:32 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම හි නව මාණ්ඩලික නිලධාරි 11 සැපයුම් හා ප්‍රවාහන තනතුර වශයෙන් ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත්,නි/5329 මේජර් ඩී එල් වයි කේ ලක්පුර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 දෙසැම්බර් මස 01 වන දින 0835 පැයට යෙදුනු සුභ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදි.
15th November 2020 09:46:02 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි පාලන/ භකාස ශාඛාවේ නව කර්නල් (පාලන/ භකාස) නිලධාරි වශයෙන් කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත්, කර්නල් එන් පී හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී (නි/62148) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 නොවැම්බර් මස 14 වන දින පෙ:ව 0835 පැයට යෙදුනු සුභ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදි.
27th October 2020 20:35:45 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් වැලිමඩ ප්‍රදේශයේ 2020.10.26 වන දින ලැව් ගින්නක් ඇතිවු අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරල් එච් පි එන් කේ ජයපතිරණ ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි එක් නිලධාරියෙකු හා 20 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
27th October 2020 20:27:14 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි ප්‍ර ශාඛාවේ නව කර්නල් (සම්බන්ධීකරණ) නිලධාරී වශයෙන් ශ්‍රි ලංකා ගැමුණු හේවා බලකායට අයත්, නි/62446 කර්නල් ඩබ්ලිව් එම් පී ඩබ්ලිව් එන් ඩී බී වීරකෝන් ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 ඔක්තෝබර් මස 26 වන දින පෙ:ව 0720 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
15th October 2020 09:28:06 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් හල්දුම්මුල්ල නෝර්වුඩ් කඳුකර ප්‍රදේශයේ 2020.10.13 වන දින ලැව් ගින්නක් ඇතිවු අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි මෙම මූලයේ රාජකාරි කරනු ලබන එක් නිලධාරියෙකු හා 15 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථාන වෙත රපෝර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී. මේ සඳහා දියතලාව ස්වෙච්ඡා බල පුහුණු පාසලේ එක් නිලධාරියෙකු හා 25 කින් යුත් භඨපිරිසකගේ සහය හිමි විය.
13th October 2020 14:13:13 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් හල්දුම්මුල්ල වංගෙඩිගල කඳුකර ප්‍රදේශයේ 2020.10.12 වන දින ලැව් ගින්නක් ඇතිවු අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි මෙම මූලයේ රාජකාරි කරනු ලබන එක් නිලධාරියෙකු හා 15 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථාන වෙත රපෝර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී. මේ සඳහා දියතලාව ස්වෙච්ඡා බල පුහුණු පාසලේ එක් නිලධාරියෙකු හා 25 කින් යුත් භඨපිරිසකගේ සහය හිමි විය.
04th October 2020 10:16:20 Hours
ලෝක ළමා දිනය නිමිතිකොට ගෙන ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි මෙම මුලය යටතේ පාලනය වන පාබල සේනාංක මුලස්ථාන හා පාබල බලසේනා මුලස්ථානයන් විසින් වැඩසටහන් මාලාවක් කුඹුක්කන, කාවන්තිස්සපුර,වැල්ලවාය, හම්බන්තොට ප්‍රදේශවල පෙරපාසල් කිහිපයක 2020.10.01 දින පවත්වන ලදි.