Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th August 2023 20:08:11 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් ලිඳුල ප්‍රදේශයේ හමුවු හදුනා නොගත් මල සිරුර රැගෙන ඒන ලදි

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් ලිඳුල ගල්කන්ද කඳු ප්‍රදේශයේ 2023.08.02 වන දින හදුනා නොගත් මල සිරුරක් හමුවු අතර එම ආරක්‍ෂක සේනා ආඥාපති ‌ තුමාගේ උපදෙස් පරිදි 3 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකයට අයත් එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් දාහතරදෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා මල සිරුර රැගෙන ඒම සඳහා කටයුතු කරන ලදී.