Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th August 2023 08:30:00 Hours

12 පාබල සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති තුමන් වැඩභාර ගැනීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 පාබල සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස කොළඔ කේරී විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ශ්‍රිලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරාල් සීඑස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී (නි/61747) යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2023.08.04 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.