29th March 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (ක්‍රියාන්විත) වශයෙන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට අයත් අයත් ලුතිතන් කර් නල් WDSD වික්‍රමආරච්චි RWP RSP USP psc නි/64518 යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 මාර්තු 29 වන දින පෙ:ව 0925 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
27th March 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ අම්පිටිය ප්‍රදේශයේ පිහිටි වේළුවනආරණ්ය සේනාසනයේ 2023.03.27 වන දින 5 වන ශ්‍රිලංකා පාබල හමුදා ඒකකයේ භට පිරිස් සහභාගිත්වයෙන් උණ පැල 100ක් රෝපණය කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
24th March 2023 09:30:00 Hours
19th March 2023 09:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම බලප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ කරඹගල ග්‍රාමනිලධාරී වසමේ පූනගල වතුයායේ අධික වර් ෂ තත්වය හේතුවෙන් 2023.03.19 වන දින නායයෑමකට ලක්වූ අතර ඒ හේතුවෙන් නිවාස හැටකට හානි සිදු වු අතර පුද්ගලයින් 220 දෙනෙකු පිඩාවට පත්වන ලදි.
17th March 2023 08:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (සම්බන්ධීකරණ) වශයෙන් ගජබා රෙජිමේන්තුවට අයත් අයත් ලුතිතන් කර්නල් එම් ඒ සී ආර් මාකවිට ආර්ඩබ්ලිව්පි පිඑස්සී නි/65029 යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.03.17 වන දින පෙ:ව 0730 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
14th March 2023 09:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) වසර 10 ක් සපිරීම නිමිත්තෙන් 2023.03.14 දිනට යෙදී ඇති 10 වන සංවත්සරයට වෙනුවෙන් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් WRMM රත්නායක RWP RSP USP ndu ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර් ණ මඟපෙන්වීම හා උපදෙස් මත ආයුර් වේද පළාත් මහ රෝහල දියතලාව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය තුෂාරි වන්නිආරචීචි මැතිතුමිය ගේ ඉල්ලිමකට අනුව ආයුර් වේද රෝහල් පරිශ්‍රය සූද්ධ පවිත්ත්ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් 2023.03.10 වන දින ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි හා සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු සෙසුනිලයින්ගේ 50 ක සහභාගීත්වයෙන් පවත්වන ලදී
13th March 2023 11:00:00 Hours
11 වන පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ආර් බී අලුවිහාරෙ RWP RSP PSC යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.03.13 වන දින, 11 වන වන පාබල සේනාංකය යටතේ පාලනය වන 4 ශ්‍රි ලංකා පාබල හමුදා ඒකකය වෙත නිරික්ෂණ සංචාරයක නිරත වන ලදී.
03rd March 2023 12:30:00 Hours
03rd March 2023 09:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 23 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කේ ඒ ඒස් ගුණවර්ධන RWP RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා ප්‍රතිපාදන වැය කොට සෙසු නිලයින්ගේ ප්‍රයෝජනය සඳහා නාන කාමර හා වැසිකිළි පද්ධතියක් 2023.03.03 වන දින අණදෙන නිලධාරී තුමන්ගේ සහභාගිත්වයෙන් විවෘත කරන ලදි.
03rd March 2023 08:00:00 Hours
රටපුරා පවතින වෘතීය සමිති වැඩවර්ජනය හේතුවෙන් විවිධ සේවාවන්ට බාධා එල්ල වු අතර අඩාල වී ඇති අතවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදා දායකත්වය දක්වන ලදි.