Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th July 2023 09:30:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) භටපිරිස් සහභාගීත්වයෙන් ශ්‍රමදාන වැඩසටහනක් සිදුකරන ලදි

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් දියතලාව ශ්‍රි බෝධිමළුව විහාරස්ථානයේ සර් වඥ ධාතූන් වහන්සේලා වැඩමකර ප්‍රදර් ශනය කිරීමේ පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් විහාරස්ථානයේ පිළිසකර කිරීමේ කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ලබාදීමේ වැඩසටහනක් 2023 ජුලි මස 12 වන දින සිට 15 වන දින දක්වා සිදුකරන ලදි

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් WWHRRVMNDKB නියංගොඩ RWP RSP VSV USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර් ණ මඟපෙන්විම මත සිදු කරන ලදි. මේ සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සෙසුනිලයින් පිරිසක් ශ්‍රමදායකත්වය ලබාදෙන ලදී