Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th July 2023 11:00:00 Hours

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ශික ඇසළ මංගල්‍ය සාර්ථකව ඉටුකර ගැනීම සඳහා යුද්ධ හමුදාව වෙතින් දායකත්වය ලබා දෙන ලදි

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ පිහිටා ඇති රුහුණු මශා කතරගම රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යට සමඟාමිව පාදයාත්‍රාව 2023.06.12 වන දින සිට 2023.07.01 වන දින දක්වා පවත්වන ලදි.

උතුරු නැගෙනහිර මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිට පාදයාත්‍රාවෙන් පැමිණි බැතිමතුන් වෙනුවෙන් කුඹුක්කන්ඔය ප්‍රදේශයේ සිට කටගමුව ප්‍රදේශය දක්වා කිලෝ මීටර් 51 කට අධික දුර ප්‍රමාණයක් බැතිමතුන් පැමිණෙන අතර ඔවුන්ට 23 වන බලඇණිය ගජබා රෙජිමේනතුවේ මූලිකත්වයෙන් වන සතුනගෙන් වන හානි අවම කර ගැනීමට සඳහා ආරක්‍ෂාවද, පානීය ජල අවශයතා සඳහා ජල බවුසර් දිවා රාත්‍රී මුලුල්ලේ ලබා දීමද, බැතිමතුන්ගේ ප්‍රථමාධාර හා සනීපාරක්‍ෂක කටයුතු යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම් වෙතින් ලබා දෙන ලදි.

තවද, පරිත්‍යාගශීලීන්ගෙන් ලද පරිත්‍යාග පාදයාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් සඳහා යුද්ධ හමුදා අධීක්‍ෂණයෙන් හා ශ්‍රම දායකත්වයෙන් කටගමුව ප්‍රදේශයේ ආහාර දන්සලක් පැවැත්වූ අතර, පාදයාත්‍රාවේ පැමිණි බැතිමතුන් 27000 කට අධික පිරිසක් සඳහා ආහාර ලබාදීම සිදු අතර සියළු කටයුතු අවසානයේ දන්සල් භූමිය අවට පරිසරය තුල විසිර තිබූ පොලිතීන්, ප්ලාස්ටික්, ඉලතලන අපද්‍රව්‍ය

පුරා දින 16 ක කාලසීමාවක් පුරා පැවති ඇසළ මහා පෙරහැර මංගල්‍ය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ ආරක්‍ෂාව හා නීති නීතිවිරෝධී ක්‍රියා අවම කිරිම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විවිධ ආරක්‍ෂක ක්‍රියාමාර්ග ගෙන තිබූ අතර, එයට සහයෝගය දක්වමින් යුද්ධ හමුදාව වෙතින් 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේනතුව හා 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව වෙතින් 200 කට අධික භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයේ, කිරිවෙහෙර චෛත්‍ය, වැඩසිටිකන්ද හා කතරගම නගරය අවට විශේෂ ආරක්‍ෂක වැඩ පිළිවෙලක් දියත් කරමින් මුර සංචාර හා මාර්ග බාධක යොදමින් ආරක්‍ෂාව සපයන ලදි.