Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th October 2023 10:30:03 Hours

අලවතුගොඩ වලහේන කණිෂ්ඨ විද්‍යාලයේ පංති කාමර පිහිටි ශාලා දෙකක සිදු වීමට ගිය හානිය යුද්ධ හමුදාව වෙතින් වලක්වන ලදි.

මේ දිනවල පවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ වලහේන කණිෂ්ඨ විද්‍යාලයේ පංති කාමර පිහිටි ශාලා දෙකක ජලය ගලා බසින කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් එම ස්ථානය නායයෑමේ අවදානමකට ලක්ව ඇති බව අකුරන ප්‍රාදේශිය ලෙකම් තුමිය විසින් 11 පාබල සේනාංක මූලස්ථානය වෙත දැනුම් දෙන ලදි.

ඒ අනුව 2 වන ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබළුන්ගේ ශ්‍රම දායකත්වයෙන් මහනුවර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් හා සිසුන්ගේ දෙමාපියන් සමඟ එක්ව කාණු පද්ධතිය වැලි කොට්ට දමා පිළිසකර කර නායයෑමේ අවදානම් තත්වය වලකා ගැනීමට ක්‍රියාකරන ලදි.