Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

31st October 2023 20:37:40 Hours

ඡායාරුප හා වීඩියෝකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි මෙම මූලයේ රාජකාරී ඉටු කරනු ලබන නිලධාරී/ සෙසු නිලයින් ඡායාරුප හා වීඩියෝකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.10.23 යන දින පවත්වන ලදී.

මෙම මූලයේ රාජකාරි සිදු කරනු ලබන නිලධාරී/ සෙසු නිලයින් විවිධ ප්‍රජා සත්කාර, ආපදා සහන, මුදවා ගැනීමේ කටයුතු සඳහා නිරන්තරයෙන් සහභාගී වන අතර ඒම අවස්ථාවන්හීදි ඉහල ගුණාත්මක බවකින් යුත් ඡායාරුප හා වීඩියෝපට ආරණය කිරී‌මේ ආකාරය දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් ප්‍රසිද්ධ මාධ්‍ය ආවරණ ආයතන හා සම්බන්ධ ජනමාධ්‍යවේදියෙකුගේ සහභාගිත්වයෙන් ‌ෙමම වැඩසටහන පවත්වන ලද අතර, එම අවස්ථාව සදහා මෙම මුලයේ රාජකාරි ඉටුකරනු ලබන නිලධාරීන් තිදෙනෙකු හා සෙසු නිලයින් විසිදෙනෙකු පිරිසක් සහභාගි වන ලදී.