Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th November 2023 18:30:01 Hours

ආපදා කටයුතු වෙනුවෙන් යුධ හමුදා දායකත්වය ලබා දීම.

දැනට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් බෙරගල, බත්ගොඩ ප්‍රදේශයේදී හපුතලේ කොළඹ ප්‍රධාන මාර්ගයට 2023.11.05 වන දින සන්ධ්‍යා කාලයේදී නාය යෑම ‍තත්වයක් ඇති වීම ‍හේතුවෙන් මාර්ගය මුළුමනින්ම අවහිර වන ලදි. ඒ හේතුවෙන් හපුතලේ කොළඹ ප්‍රධාන මාර්ගයෙහි ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිටින ලදි. 2023.11.06 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් ක්‍ෂණීක විහිදුම් යතුරුපැදි ඛණ්ඩයෙහි අටදෙනෙකුගෙන් යුත් භට පිරිසක් යොමුකර මාර්ග සංවර්ධන අධිකාරියේ හා ආපදා කලමණාකරන මධ්‍යස්ථාන නිලධාරීන්, අනෙකුත් සංවිධාන සහයෝගයෙන් මාර්ගය යථාතත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරන ලද අතර නැවත 2023.11.07 වන දින සන්ධ්‍යා කාලයේදී ද එම ස්ථානයේ නාය යෑමේ ක්‍රියාවලිය සක්‍රිය වීම හේතුවෙන් මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිරතාවයට පත්වන ලද අතර, ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් එක් නිලධාරියකු හා ක්‍ෂණීක විහිදුම් යතුරුපැදි ඛණ්ඩයෙහි අටදෙනෙකුගෙන් යුත් භට පිරිසක් යොමුකර මාර්ග සංවර්ධන අධිකාරියේ හා ආපදා කලමණාකරන මධ්‍යස්ථාන නිලධාරීන්, අනෙකුත් සංවිධාන සහයෝගයෙන් මාර්ග අවහිරතාවය ඉවත්කර නැවත එම මාර්ගය යථාතත්වයට පත් කරන ලදි.