Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th November 2023 15:30:01 Hours

ආපදා කටයුතු වෙනුවෙන් යුධ හමුදා දායකත්වය ලබා දීම.

දැනට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් හපුතලේ බොරලන්ද වල්ගහවෙල ප්‍රදේශයේදී හපුතලේ බොරලන්ද ප්‍රධාන මාර්ගයට 2023.11.05 වන දින රාත්‍රී කාලයේදී නාය යෑමේ තත්වයක් ඇති වීම ‍හේතුවෙන් මාර්ගය මුළුමනින්ම අවහිර වන ලදි. ඒ හේතුවෙන් හපුතලේ බොරලන්ද ප්‍රධාන මාර්ගයෙහි ගමනාගමන කටයුතු මුලුමනින්ම අවහිරවන ලද අතර 2023.11.06 වන දින මාර්ගය යතාතත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරන ලද අතර ඒ සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් ක්‍ෂණීක විහිදුම් යතුරුපැදි ඛණ්ඩයෙහි අටදෙනෙකුගෙන් යුත් භට පිරිසක් යොමුකර ඒ සඳහා සහය ලබා දීමේ කටයුතු සිදු කරන ලදි.