Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st October 2023 15:00:44 Hours

ආපදා කටයුතු වෙනුවෙන් යුධ හමුදා දායකත්වය ලබා දීම.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හපුතලේ ප්‍රදේශයේදී අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් 2023.10.21 වන දින මාර්ගය වෙතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වන ලදි. ඒ ‍හේතුවෙන් මාර්ගයේ දැඩි තදබදයක් ඇතිව තිබූ අතර ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් එක් නිලධාරීයෙකු හා ක්‍ෂණීක විහිදුම් යතුරුපැදි ඛණ්ඩයේ නවදෙනෙකුගෙන් යුත් භට පිරිසක් යොදවා හපුතලේ පොලීසි‍යේ රථවාහන අංශයේ නිලධාරීන් හා හපුතලේ නගර සභාවේ පිරිස්ගේද සහය ඇතිව යලි රථවාහන ධාවනය කිරීම සඳහා කටයුතු සිදු කරන ලදි.