Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

31st October 2023 10:30:48 Hours

හපුතලේ ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාසයේ විශ්ව ලෝක ළමා දිනය සැමරුම

ආරක්‍ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) බල ප්‍ර‍දේශයට අයත් හපුතලේ ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාසයේ 2023.10.31 දින විශ්ව ලෝක ළමා දින සැමරුම් වැඩ සටහනක් පවත්වන ලදි.

මෙම සැමරුම් උත්සවය ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ඒඑම්ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර, මෙම වැඩසටහන ප්‍රාදේශිය ලේකම් කර්යාල හා ළමා රක්‍ෂණ දෙපාර්තමෙන්තුව මගින් සංවිධානය කර තිබු අතර, මේ සදහා හපුතලේ ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයේ ළමා සාමාජය නියෝජනය කරනු ලබන ප්‍රාදේශීය ළමා සභාවේ දු දරුවන් හට බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී තුමන් විසින් විශ්ව ලෝක ළමා දින සැමරුම් වැඩසටහනට සමගාමීව පෞර්ෂ වර්ධනය හා ඉදිරි අනාගතය සැලසුම් කර ගන්නා ආකාරය, අභිප්‍රේරනය පිළිබද දේශනයක්ද සිදුකරන ලදී.