Header Sinhala

යුහ රථ වාහන රක්‍ෂණය

යුහ රථ වාහන රක්‍ෂණය

"X" කොටසේ නියෝග මත නිකුත් කර රාජකාරී සඳහා යොදවා ඇති රථ වාහන සඳහා රක්‍ෂණාවරණයක් ලබාදීම මෙමගින් සිදුවේ. වාහන අයත් ස්ථානය විසින් එම ප්‍රදේශයේ පිහිටි රජයේ තක්සේරු කාර්යාලය වෙතින් වාර්ෂිකව තක්සේරු වාර්තාවක් ලබාගෙන ලියාපදිංචි සහතිකයේ පිටපතක් සමඟින් සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය.

තක්සේරු වාර්තාව සහ ලියාපදිංචි සහතිකය සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත ලබා දීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රක්‍ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි රක්‍ෂණ සමාගම් වෙතින් මිලගණන් පත් කැදවා තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශය මත රක්‍ෂණාවරණය ලබාදෙනු ලැබේ.

මෙමගින් අනතුරකදී රථයට, රථයේ ගමන් ගන්නා මගීන්ට හා තුන්වන පාර්ශවය සඳහා වන හානි වෙනුවෙන් වන්දි මුදල් ලබාගත හැක. දැනටමත් රක්‍ෂණාවරණ ලබාගෙන ඇති වාහන සඳහා රක්‍ෂණාවරණය කල් ඉකුත්වීමට මස 3 ට ප්‍රථම එළබෙන වර්ෂයේ රක්‍ෂණාවරණ කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලය ‍වෙත ඉදිරිපත් කළ යුතුය.

රිය අනතුරට පත්වු පසු ගමනාධිපති/රියදුරු විසින් ගතයුතු ක්‍රියාමාර්ග

  • රක්‍ෂණ කාඩ්පතහි සඳහන් ක්‍ෂණික ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් මගින් දැනුමිදීම සිදුකළ යුතුය.
  • රක්‍ෂණ සමාගම වෙතින් පැමිණෙන නියෝජිතයා විසින් ලබාදෙනු ලබන උපදෙස් පරිදි රථය අලුත්වැඩියා කිරීම සඳහා රජයේ අනුමත ගරාජයක් වෙත ඇතුලත් කර මිලගණන් පතක් ලබාගත යුතුය.
  • ගරාජය වෙතින් ලබා ගන්නා ලද ඇස්තමේන්තු පත රක්‍ෂණ නියෝජිතයාගෙන් අනුමත කරගත යුතුය.

රක්‍ෂණ හිමිකම් ලබා ගැනීම සඳහා මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු ලියකියවිලි

  • මුලික විස්තර ඇතුලත් සංඥාව.
  • අනතුරටපත් රථය රක්‍ෂණ ආයතනය වෙතින් අලුත්වැඩියා කිරීම සඳහා නීතිසේවා අම, විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් අනුමැතිය ලබාදුන් ලිපිවල ඡායස්ථ පිටපත්.
  • අනතුර සිදුවු ස්ථානයේදි පරීක්‍ෂා කළ වාහන සඳහා නිකුත් කරන ලද රථ වාහන හිමිකම් පෝරමය.
  • වාහනය අලුත්වැඩියා කටයුතු සඳහා වැයවන ඇස්තමේන්තු වාර්තාව. (අදාල රක්‍ෂණ ආයතනය වෙතින් සහතික කරන ලද)
  • රියදුරාගේ සිවිල්/යුහ රියදුරු බලපත්‍රයේ ඡායාස්ථ පිටපත‍් දෙකක්.
  • අනතුර වෙනුවෙන් පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සටහන් කර ඇත්නම් එම පැමිණිලි සටහනේ පිටපත් දෙකක්.
  • සියළු ලිපි ලේඛන තාවකාලික ගොණු 2 ක ඇතුලත් කර මෙම අම වෙත භාරදිය යුතුය.

අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමෙන් පසු ඉදිරිපත් කළ යුතු ලියකියවිලි

  • අලුත්වැඩියා කටයුතු අවසන් කිරිමෙන් පසු වැයවූ මුදල සඳහන් අවසන් බිල්පතෙහි ඡායාස්ථ පිටපතක්.
  • අනතුරට පත් රථය නිසි පරිදි අලුත්වැඩියා කටයුතු සිදුකර ධාවනයේ යොදවා ඇති බවට ආයතන ප්‍රධානීගේ සහතිකයක්.