Header Sinhala

සුවසහන අරමුදල

සුවසහන අරමුදලේ අරමුණු

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්/විශ්‍රාමික සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා සෞඛ්‍යය ආවරණයක් හා ජීවිත ආවරණයක් ලබාදීම.
  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්/විශ්‍රාමික සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය පහසුකම් රජයේ සහ පුද්ගලික රෝහල්වලින් ලබාගැනීමේදී දැරීමට සිදුවන වියදම් ප්‍රතිපුර්ණය කිරීම.
  • යුද්ධ හමුදා සාමාජිකයකු/විශ්‍රාමික සාමාජිකයකු, කලත්‍රයා සහ දරුවෙකු මියයාමෙන් හෝ ආබාධිත තත්ත්වයට පත්වීමෙන් ඇතිවන මූල්‍යමය අවශ්‍යතාවයන් සපුරාලීම.
  • දරු උපතකදී ප්‍රතිලාභ මුදලක් ලබාදීම
  • යුද්ධ හමුදා සාමාජිකයෙකු/ විශ්‍රාමික සාමාජිකයෙකු හදිසි අනතුරු තත්වයකදී ඇති වන ආබාධිත තත්වය අනුව වන්දි මුදල් හිමි ගැන්වීම
  • සාමාජිකයන්ගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වන විශේෂිත වූ ප්‍රතිකාර සඳහා මුදල් ප්‍රතිපූර්ණය කිරීම
  • සාමාජිකයන්ගේ දරුවන් සඳහා පමණක් මුඛ හා දන්ත ආශ්‍රිත ප්‍රතිකාර සඳහා ප්‍රතිලාභ මුදල් හිමි ගැන්වීම
  • යුද්ධ හමුදා/රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා අවස්ථාවකදී ගමන් වියදම් දීමනාවක් ලබාදීම
  • යුද්ධ හමුදා සාමාජිකයා සඳහා පමණක් ඇස් කණ්නාඩි දීමනාවක් හිමිගැන්වීම.
  • සාමාඡිකයාට/කාලාත්‍රයාට හා දරුවන් සඳහා හදිසි අනතුරු තත්වයකදී හෝ රෝගාබාධ තත්වයකදී සිදුවන ඔත්පල වීමකදී ප්‍රතිකාර සඳහා වැය වන මුදල් ප්‍රතිපූර්ණය කිරීම

සාමාජිකත්වය

  • නිත්‍ය බලසේනාවේ සියලුම නිලධාරීන්/නිලධාරිනියන් සහ සෙබල/ සෙබලියන්
  • ස්වේච්ඡා බලසේනාවේ සියලුම නිලධාරීන්/නිලධාරිනියන් සහ සෙබල/ සෙබලියන්
  • ස්වේච්ඡා උපසේවයේ සියලුම නිලධාරීන්/නිලධාරිනියන් සහ සෙබල/ සෙබලියන්
  • නිත්‍ය උප සේවයෙන් සක්‍රිය සේවයට කැඳවූ සියලුම නිලධාරීන්/ නිලධාරිනියන් සහ සෙබල/සෙබලියන්
  • නිත්‍ය හා ස්වේච්ඡා බලසේනාවල හමුදාගත කර ඇති සියලුම නිලධාරීන්/නිලධාරිනියන් සහ සෙබල/සෙබලියන්
  • ඉහත විස්තර කළ අයවළුන්ට විශ්‍රාම ගැනීමෙන් පසු සාමාජිකත්වය ස්වකීය කැමැත්ත මත ඉදිරියටත් පවත්වාගෙන යා හැකි අතර, එසේ හැකි වනුයේ මෙම අරමුදල ආරම්භ කිරීමෙන් පසු (2014.01.02 දිනෙන් පසු එක් වාරිකයක් හෝ වැටුපෙන් සුවසහන අරමුදලට බැරවී ඇති) විශ්‍රාම වැටුප් සහිතව විශ්‍රාම ගන්නා ලද අයවළුන් සඳහා පමණි.
  • සාමාජිකයකුට වයස අවුරුදු 80 වන තෙක් පමණක් මෙම අරමුදලෙහි සාමාජිකත්වය ලබාගත හැකිය.

  • සාමාජිකයා මියගිය අවස්ථාවේදී කලත්‍රයා හට සාමාජික මරණ වෙනුවෙන් හිමිගන්වන රුපියල් ලක්‍ෂ 10 ක මුදලින් රු. 500,000.00 ක් (එනම් අඩක්) පමණක් තම ස්වකීය කැමැත්ත මත ලබාගෙන ඉතිරි රු.500,000.00 ක මුදල සුවසහන අරමුදලේ රඳවා තබාගෙන එම මුදලින් ඉදිරි සාමාජික වාරික මුදල් කලත්‍රයාගේ වයස අවුරුදු 80 වන තෙක් අයකර ගැනීමට කටයුතු කරනු ලබන අතර, ඒ අනුව වයස අවුරුදු 80 දක්වා කලත්‍රයා හට සාමාජිකත්වය පවත්වාගෙන යාමට හැකියාව ඇත.(කල්පිරෙන වයස අවුරුදු 80වන තෙක් සාමාජිකයා මියගිය දින සිට ඉදිරියට සාමාජික වාරික මුදල් ගෙවීමක් සිදුකිරීමට අවශ්‍ය නොවේ) ඒ අනුව සක්‍රීයව හා අඛණ්ඩව සුවසහන අරමුදලේ සියළුම වරප්‍රසාද, හිමිකම් හා ප්‍රතිලාභ සහිතව සාමාජිකත්වය සක්‍රියව පවත්වාගෙන යාමට කලත්‍රයාට හා නීත්‍යානුකූල අවිවාහක රැකියා විරහිත දරුවන් හට වයස අවුරුදු 30 දක්වා (විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වයස් සිමාවේ බලපෑමක් නොමැත) ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව ඇත. කලත්‍රයා අවු: 80 ට පෙර මියගිය හොත් රඳවාගත් රු. 500,000.00 ක මුදලින් සාමාජික වාරික මුදල් සඳහා අය වි ඉතිරි මුදලක් ඇත්නම් එම මුදල හා කලත්‍ර මරණ වෙනුවෙන් හිමි රු. 500,000.00 ක මුදල සමග නිත්‍යානුකුල දරුවන් වෙත හිමිගැන්වීමට කටයුතු කරනු ලැබේ.
  • යුද්ධ හමුදාවට අනුයුක්ත ස්ථීර සහ අනියම් සිවිල් සේවක මහත්ම/මහත්මීන් සඳහා මෙම අරමුදලේ සාමාජිකත්වය ලබාගත නොහැක.

ප්‍රතිලාභීන්

  • සාමාජිකයා විවාහක නම්
    • සාමාජිකයා : වයස අවුරුදු 80 වන තෙක් පමණක්
    • කලත්‍රයා : වයස සීමාවක් බලපානු නොලැබේ
    • දරුවන් : අවිවාහක, රැකියා විරහිත අවුරුදු 30 ට අඩු නීත්‍යානුකූලව යුද්ධ හමුදාව අනුමත සාමාජිකයාගේ දරුවන් පමණක්. (විශේෂ අවශ්‍යතා ඇති ඉපයීමේ හැකියාවක් නොමැති දූදරුවන්ට වයස් සීමාව බලනොපානු ඇත)
  • සාමාජිකයා අවිවාහක නම්
    • සාමාජිකයා : වයස අවුරුදු 80 වන තෙක් පමණක්
    • සාමාජිකයාගේ මව : වයස් සීමාවක් නොමැත
    • සාමාජිකයාගේ පියා : වයස් සීමාවක් නොමැත
  • කිසියම් සාමාජිකයකු හට භාර්යාව, දූදරුවන්, මව, පියා ජීවතුන් අතර නොමැති නම් පමණක් ප්‍රතිලාභියකු ලෙස වෙනත් අයෙකු නම් කළ හැකිය. අවිවාහක සාමාජිකයකු ඔහු යුද්ධ හමුදාවට බැඳීමේදී නම්කර ඇති භාරකරු සඳහා හිමිකම් ඇත.
  • සුවසහන අරමුදලේ සාමාජිකත්වය පවත්වාගෙන යන සාමාජිකයා සහ ඔහුගේ යැපෙන්නන් (කලත්‍රයා/දූ දරුවන් සහ අවිවාහක සාමාජිකයින්ගේ මව/පියා) වෙනුවෙන් ලබා දෙන ප්‍රතිලාභයන් පහත සඳහන් පරිදි වේ.
  • බරපතල රෝග වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමේදී ඒ සඳහා හිමිකම් ඇති රු.1,500,000.00 (රුපියල් මිලියන 1.5)ක මුදල ප්‍රමාණවත් නොවන්නේ නම් සාමාන්‍ය රෝහල්ගත කිරීම් යටතේ පවුල් ඒකකයක් සඳහා වාර්ෂිකව හිමි රු. 200,000.00 ක මුදල සහ බරපතල නොවන ශල්‍යකර්ම යටතේ පවුල් ඒකකයක් වෙනුවෙන් වාර්ෂිකව හිමි රු. 300,000.00ක ප්‍රතිලාභ මුදල් එම වසර තුල ලබා ගෙන නොමැති නම් එම මුදල සමඟ රු. 2,000,000.00 (රුපියල් මිලියන 2)ක මුදලක් ලබාගැනීමට හැකියාව ඇත.
  • බරපතළ රෝග කාණ්ඩය යටතේ රෝහල්ගත වීමකින් තොරව බාහිරින් මිලදී ගන්නා ඖෂධ, ශල්‍ය වෛද්‍ය උපකරණ, සැරහුම් ද්‍රව්‍ය, වෛද්‍ය පරීක්‍ෂණ, වෛද්‍ය හමු (Channeling) හා ඖෂධ (Drugs) බිල්පත් වෙනුවෙන් වැයවන මුදල බරපතල රෝග කාණ්ඩය යටතේ හිමිකම් ඇති රු.1,500,000.00 මුදලට යටත්ව ප්‍රතිපුර්ණය කිරීමට හැකියාව ඇත.
  • විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා පමණක් විශේෂ ප්‍රතිලාභ හිමිගැන්වීමක් වශයෙන් ඔවුන් වෙනුවෙන් සිදු කරනු ලබන කථන පුහුණුව, සංඥා පුහුණුව හා මනෝ චිකිත්සාව වැනි විශේෂ ප්‍රතිකාර සදහා වෛසේඅම නිර්දේශයට අනුව සාමාන්‍ය රෝග කාණ්ඩය යටතේ හිමි රු.200,000.00 මුදලට යටත්ව ප්‍රතිපූර්ණය කිරීමට හැකියාව ඇත.
  • දරුවන් සඳහා පමණක් මුඛ හා දන්ත ප්‍රතිකාර සඳහා දන්තසේවාඅම/වෛසේඅම අධ්‍යක්‍ෂගේ අනුමැතියට යටත්ව පහත සඳහන් අවස්ථාවන් සඳහා පමණක් සාමාන්‍ය රෝග කාණ්ඩය යටතේ හිමි රු.200,000.00 හා බරපතල නොවන ශල්‍යකර්ම යටතේ හිමි රු. 300,000.00 ක මුදල සමග රු.500,000.00 ක මුදලට යටත්ව සුවසහන අරමුදල වෙතින් ප්‍රතිපූර්ණය කිරීමට හැකියාව ඇත.

    • දත් ඇදි (Removable Dentures)
    • ස්නායු පිරවීම (Root Canal Treatment)
    • විකලාංග දන්ත වෛද්‍ය ප්‍රතිකාර (OrthodonticTreatments)
    • මුඛ හා හනුක ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර (Oral and Maxillofacial Surgeries)

  • සාමාජිකයා/පවුලේ සාමාජිකයින් හට හදිසි අනතුරු තත්ත්වයකදී හෝ බරපතල රෝගාබාධ තත්ත්වයකදී සිදුවන ඔත්පලවීමක් මත රෝහල් වෙතින් නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි අවස්ථාවන්වලදී නිවෙස්ගතව ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් විසින් උපදෙස් ලබාදී ඇති අවස්ථාවක රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීම සඳහා අධිපෝෂිත ආහාර වට්ටෝරු, අධිපෝෂිත පිටි වර්ග හා පුද්ගලික සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, ඖෂධ, සැරහුම් හා වෙනත් වෛද්‍ය උපකරණ බාහිරින් මිලදී ගැනීමට වෛසේඅම නිර්දේශය හා සුසාඅම නිලධාරීයකුගේ ක්‍ෂේත්‍ර පරීක්‍ෂාවකින් පසුව කරන ලද නිර්දේශය මත සාමාන්‍ය රෝග කාණ්ඩය යටතේ හිමිකම් ඇති රු.200,000.00 මුදලට යටත්ව ප්‍රතිපූර්ණය කිරීමට හැකියාව ඇත.
  • වයස අවුරුදු 22 දක්වා පමණක් සාමාජිකයින්ගේ දරුවන් සඳහා හදිසි අනතුරකදී පුර්ණ හෝ අර්ධ ආබාධිත තත්ත්වයට පත්වුවහොත් (උපතේ සිට ඇතිවී තිබෙන ස්වාභාවික ආබාධිත තත්ත්වයන් හැර) වෛසේඅම වෙතින් පත්කරන වෛද්‍ය මණ්ඩලයක් වෙතින් ලබාදෙනු ලබන නිර්දේශිත ආබාධිත ප්‍රතිශතයට අනුව ආබාධිත වන්දි මුදල (100%) ක් එනම් රු.1,000,000.00 (මිලියනයක්) ක උපරිමයකට යටත්ව ප්‍රතිලාභ මුදලක් ලබාදීම.
  • සාමාජිකයා හට රාජකාරියේදී හෝ රාජකාරියෙන් තොර අවස්ථාවන්හිදී සිදුවන හදිසි අනතුරු තත්වයකදී පූර්ණ කාලීන පූර්ණ ආබාධිත හා පූර්ණ කාලීන අර්ධ ආබාධිත තත්ත්වයන් සඳහා යුද්ධ හමුදා ‍වෛද්‍ය මණ්ඩලයක් මගින් ලබාදෙනු ලබන ආබාධිත ප්‍රතිශතයට අනුව රාජකාරියට අදාල හෝ අදාල නොවන හදිසි අනතුරක් හේතුවෙන් පමණක් සිදුවන ආබාධිත තත්ත්වයන් සඳහා ආබාධිත ප්‍රතිශතය අනුව උපරිමය (100%) එනම් රු. 1,000,000.00 (මිලියනයක්) ක උපරිමයකට යටත්ව ප්‍රතිලාභ මුදලක් ලබාදීම.
ප්‍රතිලාභ ප්‍රතිලාභ වටිනාකම රු.
සාමාජිකයා
සාමාජික වයස් සීමාව අවු: 80 දක්වා
සාමාජික මරණ සඳහා 1,000,000.00
හදිසි අනතුරු (ආබාධිත ප්‍රතිශතය අනුව 100% ) 1,000,000.00
බරපතල රෝග ආවරණය (ශල්‍යකර්ම, රෝහල්ගත නොවී බාහිරින් මිලදී ගන්නා ඖෂධ, ශල්‍ය උපකරණ, වෛද්‍ය පරීක්‍ෂණ, වෛද්‍ය හමු (Channeling) හා ඔසුසල් (Pharmacy) බිල්පත් 1,500,000.00
ඇස්කණ්නාඩි දීමනාව (වසර 3 කට වරක් රු:20,000.00 ක් හිමිගන්වනු ලබන අතර වසර 3 කට අඩු කාලයකදී උපැස් යුවලේ අළුත්වැඩියා කටයුතු සඳහා එක් වරක් රු:10,000.00 ක් හිමිගන්වනු ලැබේ) 20,000.00
කලත්‍රයා
වයස් සිමාව අවු: 80 දක්වා
මරණ 500,000.00
බරපතල රෝග ආවරණය 1,500,000.00
දරුවන්
වයස් සිමාව (විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වයස් සිමාවේ බලපෑමක් නොමැත) අවු: 30 දක්වා
දරු උපත් සඳහා (2024.01.01 දින ට පෙර) 10,000.00
දරු උපත් සඳහා (2024.01.01 දින ට පසු) 25,000.00
මරණ අවුරුදු 01 ට වැඩි දරුවන් සඳහා  100,000.00
අවුරුදු 01 ට අඩු දරුවන් සඳහා 50,000.00
බරපතල රෝග ආවරණය 1,500,000.00
වයස අවු: 22 දක්වා දරුවන්ගේ හදිසි අනතුරකදී ඇතිවන ආබාධිත තත්වයකදී වෛසේඅම වෙතින් නිර්දේශිත ආබාධිත ප්‍රතිශතය අනුව 100% 1,000,000.00
මුඛ හා දන්ත ආශ්‍රිත ප්‍රතිකාර ආවරණය
බරපතල නොවන ශල්‍යකර්ම වෙනුවෙන් වාර්ෂිකව හිමි රු.300,000.00 ක මුදල හා සාමාන්‍ය රෝග වෙනුවෙන් වාර්ෂිකව හිමි රු.200,000.00 සමග 500,000.00
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා
කථන/සංඥා පුහුණුව හා මනෝ චිකිත්සාව වැනි විශේෂ ප්‍රතිකාර සඳහා සාමාන්‍ය රෝහල්ගත කිරීම් යටතේ පවුල් ඒකකයක් සඳහා වාර්ෂිකව හිමි මුදලින් හිමිගන්වනු ලැබේ 200,000.00
පවුල් ඒකකයක් සඳහා වසරකට (අදාල වර්ෂයේ ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා) සෞඛ්‍ය සහ රෝහල් ප්‍රතිලාභ (අවිවාහක අයවළුන්ගේ දෙමාපියන්ද ඇතුළුව)
රෝහල්ගත කිරීම් - සාමාන්‍ය (රජයේ ලියාපදිංචි පුද්ගලික රෝහල්, ආයුර්වේද රෝහල්, ඇස්කන්නාඩි, ගමන් වියදම් උපරිම දින 10 x 1000.00 = 10,000.00 හා රෝග පරික්‍ෂණ 419 ඇතුලත්ව) 200,000.00
රෝහල්ගත කිරීම් - සාමාන්‍ය රෝහල්ගත කිරීම් යටතේ පවුල් ඒකකයක් සඳහා වාර්ෂිකව හිමි මුදලින් හිමිගන්වනු ලැබේ. (හදීසී අනතුරු තත්ත්වයකදී හෝ රෝගාබාධ තත්වයකදී සිදුවන ඔත්පලවීමක් හේතුවෙන් නිවෙස්ගතව ප්‍රතිකාර ලබාගැනීමේදී අධිපෝෂිත ආහාර වට්ටෝරු, අධිපෝෂිත පිටි වර්ග හා පුද්ගලික සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, ඖෂධ, සැරහුම් හා වෙනත් වෛද්‍ය උපකරණ බාහිරින් මිලදී ගැනීම සඳහා ප්‍රතිලාභ හිමිකම) 200,000.00
රෝහල්ගත කිරීම් - බරපතල නොවන සැත්කම් (අදාල වර්ෂයේ ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා) 300,000.00
අවිවාහක අයවළුන්ගේ දෙමාපියන් සඳහා බරපතල රෝග ආවරණය (ජීවිත කාලයටම)
මව 1,500,000.00
පියා 1,500,000.00

(Cashless Mediclaim Policy)
ක්‍රියාත්මක වන ආකාරය

මෙම ක්‍රමවේදය යටතේ සුවසහන අරමුදල සමග ගිවිසුම්ගත, සාමාජිකයා පදිංචි ආසන්නතම රෝහල වෙතින් ඉදිරිපත්කර ඇති ක්‍රමවේදයට අනුව ප්‍රතිකාර ලබාගත හැකි අතර, රෝගයේ ස්භාවය හා බරපතලතාවය අනුව ගිවිසුම්ගත රෝහල් ලැයිස්තුවේ පහසුකම් ඇති දිවයිනේ ඕනෑම රෝහලක් වෙතින් ප්‍රතිකාර සිදුකළ හැකිය. ප්‍රතිකාර සිදුකීරීමට අපේක්‍ෂා කරන රෝහල වෙතින් ප්‍රථමයෙන්ම මිලගණන්පතක් ලබාගැනීම සිදුකළ යුතු අතර, එම මිලගණන්පත සමග මේ වෙනුවෙන් සකස්කර ඇති ප්‍රතිලාභ අයදුම්පත සම්පූර්ණ කර ඒකක අණදෙන නිලධාරි සහතික කර මධ්‍යස්ථාන සේනාවිධායක නිර්දේශයෙන් වෛසේඅම නිර්දේශයෙන් සුවසහන අරමුදල වෙත ඉදිරිපත් කළ යුතුය. අදාල රෝහල වෙත ඉදිරිපත් කිරීම සඳහා සාමාජිකයාගේ කැමැත්ත ප්‍රකාශිත තහවුරු කිරීමේ ලිපිය සාමාජිකයා වෙත ලබාදීම සුවසහන අරමුදල වෙතින් සිදුකරන අතර, සාමාජිකයා විසින් එම ලිපිය අදාල රෝහල වෙත ඉදිරිපත් කර අවශ්‍ය ප්‍රතිකාරය සිදුකළ හැකිය. ප්‍රතිකාර අවසානයේ සේවය සතුටුදායක ලෙස ලබාගත් බවට මෙම අරමුදල වෙතින් ලබාදී ඇති ප්‍රකාශය ඒකක අණදෙන නිලධාරි සහතික කර මධ්‍යස්ථාන සේනාවිධායක නිර්දේශයෙන් මෙම අරමුදල වෙත ඉදිරිපත් කළ යුතුය.

සක්‍රීය සේවයේ නියුතු සාමාජිකයින්

විශ්‍රාමික සාමාජිකයින්

කල්පිරීම

  • වයස අවුරුදු 80 වන තෙක් පමණක් සාමාජිකයකුට මෙම අරමුදලේ රැඳී සිටිය හැකි අතර, වයස අවුරැදු 80 දී කල්පිරීම සිදුවනු ඇත
  • සාමාජිකයා මියගිය අවස්ථාවේදී කලත්‍රයා හට සාමාජික මරණ වෙනුවෙන් හිමිගන්වන රුපියල් ලක්‍ෂ 10 ක මුදලින් රු. 500,000.00 ක් (එනම් අඩක්) පමණක් තම ස්වකීය කැමැත්ත මත ලබාගෙන ඉතිරි රු.500,000.00 ක මුදල සුවසහන අරමුදලේ රඳවා තබාගෙන එම මුදලින් ඉදිරි සාමාජික වාරික මුදල් කලත්‍රයාගේ වයස අවුරුදු 80 වන තෙක් අයකර ගැනීමට කටයුතු කරනු ලබන අතර, ඒ අනුව වයස අවුරුදු 80 දක්වා කලත්‍රයා හට සාමාජිකත්වය පවත්වාගෙන යාමට හැකියාව ඇත.(කල්පිරෙන වයස අවුරුදු 80වන තෙක් සාමාජිකයා මියගිය දින සිට ඉදිරියට සාමාජික වාරික මුදල් ගෙවීමක් සිදුකිරීමට අවශ්‍ය නොවේ) ඒ අනුව සක්‍රීයව හා අඛණ්ඩව සුවසහන අරමුදලේ සියළුම වරප්‍රසාද, හිමිකම් හා ප්‍රතිලාභ සහිතව සාමාජිකත්වය සක්‍රියව පවත්වාගෙන යාමට කලත්‍රයාට හා නීත්‍යානුකූල අවිවාහක රැකියා විරහිත දරුවන් හට වයස අවුරුදු 30 දක්වා (විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වයස් සිමාවේ බලපෑමක් නොමැත) ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව ඇත.කලත්‍රයා අවු: 80 ට පෙර මියගිය හොත් රඳවාගත් රු. 500,000.00 ක මුදලින් සාමාජික වාරික මුදල් සඳහා අය වි ඉතිරි මුදලක් ඇත්නම් එම මුදල හා කලත්‍ර මරණ වෙනුවෙන් හිමි රු. 500,000.00 ක මුදල සමග නිත්‍යානුකුල දරුවන් වෙත හිමිගැන්වීමට කටයුතු කරනු ලැබේ.
  • සාමාජිකයාගේ කැමැත්ත පරිදි කල්පිරීමේ ප්‍රතිලාභය වයස අවුරුදු 65 දී වුව ද ලබාගත හැකිය. එසේ ලබාගන්නා සාමාජිකයින් ට වයස අවුරුදු 65 න් පසු සාමාජිකත්වය අහෝසි වනු ඇත.

විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා සුවසහන අරමුදලේ සාමාජිකත්වය පවත්වාගෙන යාම

  • යුද්ධ හමුදා සාමාඡිකයෙකු විශ්‍රාම යාමෙන් පසු සුවසහන අරමුදලේ විශ්‍රාමික සාමාඡිකත්වය ලබා ගන්නා කාලසීමාවේදී යුද්ධ හමුදා සාමාඡිකයාගේ වැටුපෙන් සුවසහන අරමුදල වෙත මාසික වාරික මුදල බැරවීම අවසන් වු මස සිට (අවසන් වැටුප් පත්‍රිකාව අනුව) ඉදිරියට විශ්‍රාම සාමාඡිකත්වය ලබා ගැනීම සදහා මාස 06 ක සහන කාලසීමාවක් ලබා දී ඇත. ලබා දී ඇති සහන කාලසීමාව ඉක්මවා ගොස් විශ්‍රාමික සාමාඡිකයෙකු සාමාඡිකත්වය ලබා ගැනීමකදී සාමාඡිකත්වය අක්‍රීය වු මස සිට සාමාඡිකත්වය ලබා ගන්නා අවස්ථාව දක්වා මසකට රු: 100.00 බැගින් ප්‍රමාද ගාස්තුවක් අයකරනු ලබන අතර, එම ප්‍රමාද ගාස්තුව හා අදාළ කාලසීමාවට අයත් සාමාඡික මුදල එකවර සුවසහන අරමුදලට තැම්පත් කල යුතුය.
  • විශ්‍රාම යාමේදී සාමාජිකත්වය අක්‍රීය වූ අවස්ථාවකදී මසකට රු 100.00 බැගින් ප්‍රමාද ගාස්තුවක් ගෙවා උපරිම අවස්ථා 03 ක දී පමණක් සාමාජිකත්වය ලබා ගත හැක. එසේ සාමාජිකත්වය සක්‍රීය කර ගැනීමෙන් පසු පළමුවන අවස්ථාව සඳහා මාස 06 ක පරිවාස කාලයකින් පසුව සිදුවන සිදුවීම් සඳහා පමණක් හිමිකම් ඇති අතර, දෙවන සහ තෙවන අවස්ථා සඳහා මාස 12 ක පරිවාස කාලසීමාවකින් පසුව සිදුවන සිදුවීම් සඳහා පමණක් හිමිකම් ඇත.
  • විශ්‍රාම සාමාඡිකයෙකු සාමාඡික මුදල් තැම්පත් කිරීමේදී වර්ෂයක් (මසකට රු: 700.00 බැගින්) සදහා රු: 8400.00 ක් හෝ අඩවසරක් සදහා රු: 4200.00 ක මුදලක් එකවර තැම්පත් කල යුතු අතර, අදාල සාමාඡිකයාට හිමි මහඡන බැංකු ගිණුම් අංකය සුවසහන අරමුදල සමග සමබන්ධතාවයෙන් ලබාගත හැකිය. (2021 ඡුනි මස සිට ඉදිරියට වැහාලේඅම වෙතින් විශ්‍රාම ගන්වනු ලබන යුද්ධ හමුදා සාමාඡිකයින්ගේ අවසන් වැටුපෙන් සුවසහන අරමුදල වෙත සාමාඡික මුදල් බැරවීමක් සිදු නොවේ).
  • වාර්ෂිකව හෝ අර්ධ වාර්ෂිකව මුදල් තැන්පත් කරන අයවළුන් සඳහා පිළිවෙලින් දින 42 ක හා දින 21 ක සහන කාල සීමාවක් හිමිවේ.
  • වයස අවුරුදු 80 වන තෙක් පමණක් සාමාඡිකයෙකුට මෙම අරමුදලේ රැදී සිටිය හැකි අතර, වයස අවුරුදු 80 දී කල්පිරීම සිදුවනු ඇත. සාමාඡිකයාගේ කැමැත්ත පරිදි ප්‍රතිලාභය වයස අවුරුදු 65 දී ලබාගත හැකිය.
  • සාමාජිකයා මියගිය අවස්ථාවේදී සම්පූර්ණ හිමිකම් මුදල වන රු: 1000000.00ක මුදල ලබා ගැනීමෙන් පසු සුවසහන අරමුදලේ සාමාජිකත්වය පවත්නා ව්‍යවස්ථාවට අනුව අහෝසි වන අතර, කලත්‍රයාගේ කැමැත්ත මත සාමාජික මියයාම වෙනුවෙන් හිමි ප්‍රතිලාභ මුදලින් රු: 500,000.00 ක් (එනම් අඩක් පමණක්) ලබාගෙන ඉතිරි රු: 500,000.00 ක මුදල සුවසහන අරමුදලේ රඳවා තබා එම මුදලින් ඉදිරි සාමාජික මුදල් වාරිකයන් අයකර ගැනීමට කටයුතු කරනු ලබන අතර, මෙමගින් මාසික වාරික මුදල් ගෙවීමකින් තොරව සක්‍රීයව හා අඛණ්ඩව සුවසහන අරමුදලේ සාමාජිකත්වය පවත්වාගෙන යාමට කලත්‍රයාට අවස්ථාව හිමිවේ.
  • යම් ප්‍රතිලාභ මුදලක් ලබාගෙන ඇත්නම් එම ලබාගෙන ඇති ප්‍රතිලාභ මුදල ගෙවා ඇති වාරික මුදලට වඩා අඩුවේ නම් පමණක් එහි වෙනස කල්පිරීමේදී නැවත ලබා ගැනීමට සාමාඡිකයාට හිමිකම් ඇත. ගෙවා ඇති මුලු වාරික මුදලට වඩා වැඩිපුර ප්‍රතිලාභ ලබාගෙන ඇත්නම් කල්පිරීමේදී කිසිදු ගෙවීමක් සිදුකරනු නොලැබේ.
  • සුව සහන අරමුදල වෙතින් ප්‍රතිලාභ හිමි ගන්වනු ලබන බරපතල රෝග කණ්ඩයට ඇතුලත් කර ඇති රෝග 47 කින් යුත් රෝග ලයිස්තුව පහත සදහන් පරිදි වේ.
  • Myocardial Infarction (Heart Attack)
  • Coronary artery By Pass Surgery
  • Heart Valve/Septal Surgeries
  • Surgery to the Aorta
  • Coronary Angioplasty
  • Brain Tumors
  • Motor Neuron Disease
  • Muscular Dystrophy
  • Blindness
  • Deafness
  • Stroke
  • Paralysis (Paraplegia/Quadriplegia)
  • Chronic Lung Disease
  • Major Organ Transplant
  • Kidney Failure
  • Fulminant Hepatits
  • Chronic Liver Disease
  • Multiple Sclerosis
  • Coma
  • Cancer
  • Hiv Infection from Blood Transfusion
  • Cochlear Implant
  • Cardiac Bblation
  • Bone Marrow Transplant
  • Septicaemia
  • Brugada Syndrome
  • Craniotomy
  • Infertility
  • Alzheimer’s Disease/Sever Dementia
  • Bacterial Meningitis
  • Cardiomyopathy – Election Fraction
  • Aplastic Anemia
  • Encephalitis
  • Major Head Trauma
  • Parkinson’s Disease
  • Primary Pulmonary Arterial Hypertension
  • Systemic Lupus Erythematous with Server Kidney and organ Involment
  • Third Degree Burns
  • Occupational Acquired Human Immunodeficiency Virus (HIV) Infection
  • Medullary Cystic Disease
  • Apallic Syndrome (ie. Persistent Vegetative State (PVS)
  • Progressive Scleroderma
  • Chronic Relapsing Pancreatitis
  • Elephantiasis
  • Total Knee Joint Replacement
  • Total Hip Joint Replacement
  • Severe Rheumatoid arthritis
  • ඉහත සදහන් බරපතල රෝගවලට අමතරව වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ විසින් ලත්කරන ලද අදාල රෝග සමිබන්ධ විශේෂඥ වෛද්‍යවරුවන්ගේන් සමන්විත මණ්ඩලයක් විසින් බරපතල රෝගයක් බවට තිරනය කරන ලද රෝ සදහා ද බරපතල රෝග කන්ඩය යටතේ ප්‍රතිලාභ හිමිගැන්විම සිදු කරනු ලබේ.

ප්‍රතිලාභ ගෙවීම සඳහා ඉදිරිපත්කල යුතු ලිපි ලේඛණ

  • සාමාජිකයාගේ සහ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ප්‍රතිලාභ ඉල්ලුම් කිරීමේදී විවාහ සහතිකය හා උප්පැන්න සහතිකයන්හි ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද මුල් පිටපත් එක් වරක් පමණක් අරමුදල වෙත ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.
  • දරු උපත්, ගමන් වියදම් දීමනා සහ ඇස් කන්නාඩි අයදුම්පත් ඉදිරිපත් කිරීමේදි මුද්දරයක් අවශ්‍ය නොවේ.
  • ප්‍රථිලාභ හිමිකමි ලබා ගැනිමේදි ජාතික හැදුනුමිපතේ ඡායාපිටපත යුහ හැදුණුමිපතේහි ඡායා පිටපත (නිලය වෙනස් විමක් සිදුවි නොමැති නමි) එක් වරක් පමණක් ඉදිරිපත් කිරිම ප්‍රමාණවත් වේ.
  • කර්නල් නිලයේ සහ ඉන් ඉහළ නිලධාරින් සදහා රෙජි‍මේන්තු මධ්‍යස්ථාන වෙතින් පමණක් ලිපි ලේඛණ ඉදිරිපත් කිරිම ප්‍රමාණවත් වේ.
  • ජීවිත හානියකදී (සාමාජික, කාලාත්‍ර, දරු)

    • සාමාජික අයදුම්පත්‍රය
    • ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද මරණ සහතිකය
    • ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද විවාහ සහතිකය (සාමාජික/කලාත්‍ර/දරු මරණයක් නම් පමණක්)
    • ප්‍රා:ලේ වෙතින් සහතික කරන සාමාජිකයාගේ උප්පැන්න සහතිකය (සාමාජික මරණ සඳහා දෙමාපියන් විසින් ඉල්ලුම් කරයි නම් පමණක්)
    • ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද දරුවාගේ උප්පැන්න සහතිකය (දරු මරණ සඳහා ඉල්ලුම් කිරිමක් නම් පමණක්)
    • වන්දි හිමිකම් සහිත පුද්ගලයින්ගේ බැංකුපාස් පොත්වල සහතික කරන ලද පිටපත්
    • යුහ හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • ජාතික හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • බැංකුපාස් පොතෙහි සහතික කල පිටපතක්
    • ඥතිත්වය සනාථ කිරීම සඳහා අනි සහතිකය

    දරු උපතකදී

    • සාමාජික අයදුම්පත්‍රය
    • ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද දරුවාගේ උප්පැන්න සහතිකය
    • ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද විවාහ සහතිකය
    • දරුවාගේ උපතට අදාල දෙකොනි පිටපත
    • යුහ හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • ජාතික හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • බැංකුපාස් පොතෙහි සහතික කල පිටපතක්

    සාමාන්‍ය රෝහල්ගතකිරීම්, ශල්‍යකර්ම හා බරපතළ රෝග සඳහා ඉදිරිපත් කල යුතු ලිපි ලේඛණ

    • සාමාජික අයදුම්පත්‍රය
    • රෝග නිශ්චය කාඩ්පතේ මුල් පිටපත හෝ රෝහල වෙතින් සහතික කරන ලද පිටපතක්
    • ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද විවාහ සහතිකය (බිරිද/ස්වාමියා රෝහල් ගත කිරිමක් නම් පමණක්)
    • ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද දරුවාගේ උප්පැන්න සහතිකය (දරුවා රෝහල් ගත කිරිමක් නම් පමණක්)
    • බිල්පත් හා රිසිට්පත් වල මුල් පිටපත්
    • විවාහ විම් දෙකොනි පිටපත (කලාත්‍ර රෝහල්ගත කිරිමක් නම් පමණක්)
    • යුහ හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • ජාතික හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • බැංකුපාස් පොතෙහි සහතික කල පිටපතක්

    හදිසි අනතුරු අවස්ථාවකදී ඇතිවන ආබාධ තත්වයන් සඳහා

    • සාමාජික අයදුම්පත්‍රය
    • දුබලතා රෝග විනිශ්චය වාර්ථාව/වෛද්‍ය මණ්ඩල වාර්ථාවේ මුල් පිටපත
    • යුහ හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • ජාතික හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • බැංකුපාස් පොතෙහි සහතික කල පිටපතක්

    ඇස් කණ්නාඩි මිලදී ගැනීම සඳහා

    • සාමාජික අයදුම්පත්‍රය
    • රෝග නිශ්චය කාඩිපත/ ආවෛ 58 (වෛද්‍ය පරීක්‍ෂණ වාර්ථාව)
    • සහතික කරන ලද වෛඋසේඅම මුදල් වවුචර් පිටපත
    • බිල්පත් හා රිසිට් පත් වල මුදල් පිටපත්
    • යුහ හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • ජාතික හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • බැංකුපාස් පොතෙහි සහතික කල පිටපතක්

    ගමන් වියදම් දීමනා ලබා ගැනීම

    • සාමාජික අයදුම්පත්‍රය
    • රෝග නිශ්චය කාඩිපතෙහි මුල් පිටපත හෝ රෝහල වෙතින් සහතික කරන පිටපත්
    • පිටත් කර හැරිමේ තුන්ඩුවේ මුල් පිටපත හෝ රෝහල වෙතින් සහතික කරන පිටපත්
    • යුහ හැදුනුම්පතෙහි පිටපතක්
    • ජාතික හැදුනුම්පතෙහි පිටපතක්
    • බැංකුපාස් පොතෙහි පිටපතක්
    • ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද සාමාජිකයාගේ උපපැන්න සහතිකය (අවිවාහක සාමාජිකයින් විසින් දෙමාපිටන් වෙතින් ඉල්ලුම් කරයි නම් පමණක්)
    • දරුවාගේ උප්පැන්න සහතිකය (දරුවන් සඳහා ඉල්ලුම් කිරිමක් නම් පමණක්)
    • විවාහ සහතිකය (බිරිඳ/ස්වාමියා සඳහා)

    ප්‍රතිලාභ ලබාගත නොහැකි අවස්ථා

    • වෛසේඅම වෙතින් අනුමත නොකරනු ලබන රෝග සඳහා කරනු ලබන ප්‍රතිකාර
    • ගබ්සා කිරීම හෝ ඉන් අනතුරුව ඇතිවන අතුරු ආබාධ සඳහා කරනු ලබන ප්‍රතිකාර
    • පවුල් සැලසුම් සැත්කම් සහ ප්‍රතිකාරයන් සඳහා
    • අනිවාර්යය එන්නත් කිරීම්.
    • පංචකර්ම, රූපලාවන්‍ය හා සම්භාහන ප්‍රතිකාර
    • රූපලාවන්‍ය කටයුතු සඳහා සිදුකරන සැත්කම් සහ ප්‍රතිකාර සඳහා
    • වාර්ෂික වෛද්‍ය පරීක්‍ෂණ සහ රෝගී තත්ත්වයක් නොමැතිව සිදුකරනු ලබන වෛද්‍ය පරීක්‍ෂණ සඳහා

    සුභසාධක පරිත්‍යාග මුදල් හිමිගැන්වීම

    • 2020.06.16 වන දින ආරම්භ කරන ලද මෙම ආධාර ක්‍රමය සක්‍රීය සේවයේ යෙදී සිටින සියළුම නිත්‍ය/ස්වෙච්ඡා යුද්ධ හමුදා නිලධාරීන්/සෙසුනිලයින් වෙනුවෙන් සහ ඔවුන්ගේ ලඟම ඥාතීන් හට බරපතල රෝග ඛාණ්ඩ යටතේ වැළදෙන රෝගී තත්වයන් මත ඉතා විශාල මුදලක් වැයවන වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම/ශල්‍යකර්ම සිදුකිරීම සඳහා අවශ්‍ය වන මුදල් යුද්ධ හමුදාව වෙතින් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුවසහන අරමුදලට අමතරව ක්‍රියාත්මක වේ
    • ඉතා විශාල මුදලක් වැයදරා ප්‍රතිකාර ලබාගැනීමට/ශල්‍යකර්ම සිදුකිරීමට සිදුවන අවස්ථාවන්හිදී ආර්ථිකමය වශයෙන් මුහුණපාන අපහසුතාවයන් මෙන්ම වෙනත් සිවිල් සංවිධාන, ආයතන, අරමුදල් සහ ඉපයීම් මාර්ග වෙතින් අදාල මුදල් ලබාගැනීමට සිදුවීම හේතුවෙන් ඔවුන් පත්වන අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා යුද්ධ හමුදාමය වශයෙන් යම් සහනයක් සලසාදීම මෙහි මූලික අරමුණ වේ.
    • විධායක ජෙනරාල් ශාඛාවේ පූර්ණ අධික්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම සුභසාධක පරිත්‍යාග වැඩසටහන යටතේ වෛද්‍යාධාර වශයෙන් උපරිමය රු.8,000,000.00 දක්වා හිමිගන්වනු ලැබේ.

    විධායක ජෙනරාල් ශාඛාව වෙතින් හිමිගන්වනු ලබන සුභසාධක පරිත්‍යාග වැඩසටහන යටතේ වෛද්‍යාධාර වශයෙන් උපරිමය රු.8,000,000.00 දක්වා හිමිගන්වනු ලැබේ.

    හිමිකම් ඇති අයවළුන්

    සාමාජිකයා විවාහක නම්

    • කලත්‍රයා.
    • අවිවාහක සහ රැකියා විරහිත අවුරුදු 24 අඩු නීත්‍යානුකූලව යුද්ධ හමුදාව පිළිගත් සාමාජිකයාගේ දරුවන් පමණක්.

    සාමාජිකයා අවිවාහක නම්

    • මව සහ පියා.
    • මව හෝ පියා නොමැති නම් යුද්ධ හමුදාව වෙත බැඳීමේදී ප්‍රතිලාභියෙකු ලෙස නම් කර ඇති නීත්‍යානුකූල භාරකරු සඳහා පමණක් හිමිකම් ඇත.

    ඔබ හට වෛද්‍යාධාර මුදල් හිමිවන අවස්ථා සැලකීමේදී,

    • රෝගය පිළිබදව වෛද්‍ය වාර්ථාව සැලකිල්ලට ගනිමින් උපරිමය රු මිලියන 9.5 ක් සුවසහන අරමුදලේ රු මිලියන 1.5 ක මුදලත් ඇතුලත්ව ප්‍රථිලාභ මුදල් පරිත්‍යාගයක් හිමිගැන්වේ.
    • ගෙවනු ලබන මුදල් ප්‍රමාණය සේවයේ යෙදි සිටින සියලුම නිලධාරින් හා සෙසුනිලයන්ගේ වැහාදි වලින් මසකට උපරිමය රු 50/= මුදලක් අනුමැතිය ලබාගත් මසකදී සියළුම යුද්ධ හමුදා නිත්‍ය/ස්වෙච්ඡා නිලධාරි හා සෙසුනිලයන් වෙතින් අයකර ගැනීමට කටයුතු කරනු ලැබේ.
    • මණ්ඩලය මගින් නිර්දේශ කරනු ලබන මුදල ඉදුරාම රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත ලබාදිම.

    දුරකථන අංක:-

    0114050232, 0114050885, 0114050882, 0114050879
    0713158572, 0702691666, 0703158510

    මානි 1 (සුවසහන) – 0766907328

    මානි 11 (විශ්‍රාම අංශය) – 0772916934

      ඊමේල් - suwasahanafund@army.lk , ssfpensionsec@gmail.com

      වට්ස්ඇප් - 0761465154