Header Sinhala

මුල් පුවත

  • සුභ සාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් තවත් ප්‍රජා සත්කාරයක්

    05th April 2024 14:45:15 Hours

    යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව මෙම අම වෙතින් සමාජ සත්කාරක කටයුත්තක් වශයෙන් යුධ හමුදා සක්‍රිය සේවයේ නියුතු නිලධාරි/සෙසුනිලයින්ගේ දරුවන් අතරින් වයස අවුරුදු 12 ට අඩු හදවතේ සිදුරු සහිත හදවත් රෝගී තත්වයෙන් පෙලෙන දරුවන් සදහා ශල්‍යකර්ම/වෛද්‍ය ප්‍රථිකාර සිදුකිරිමට නවීන පහසුකම් වලින් සමන්විත ප්‍රමුඛ පෙලේ පුද්ගලික රෝහලක් වන ආසිරි පුද්ගලික රෝහල යුධ හමුදාව සමග අත්වැල් බැද ගනිමින් මුදල් අයකිරිමකින් තොරව ශල්‍යකර්ම නොමිලේ සිදුකිරිමට එකගතාවය පලකරඇත.

  • සුබසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් මාලාවක් හඳුන්වා දෙයි

    01st April 2024 15:33:41 Hours

    යුද්ධ හමුදා සාමාජිකයන්ගේ යහපැවැත්ම ඉහල නැංවීමේ අරමුණින් යුද්ධ හමුදා සුබසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් බදාදා (පෙබවරවාරි මස 14) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන ඔස්සේ යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සෞඛ්‍ය, වෛද්‍ය සේවා සහ අධ්‍යාපනය යන ක්‍ෂේත්‍රයන් සඳහා සහන සැලසේ.