Header Sinhala

ඉඩම් අංශය

සක්‍රීය සේවයේ යෙදී සිටින රණවිරුවන්ට නිවසක් තනා ගැනිම සඳහා ඉඩමක් ලබා දීමට ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ 2021/01 දරණ චක්‍රලේඛයට අනුව නිර්දේශ ලබාදිම.

ඉඩම් අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් හා ක්‍රියා පිළිවෙත

ඉල්ලුම්කරු අයදුම්පත් ඉල්ලුම් කරන දිස්ත්‍රික්කය තුල අනිවාර්ය පදිංචි කරුවෙකු විය යුතුය.

සාමාජිකයා සතුව හෝ විවාහක නම් කලත්‍රයා සතුව නිවාසක් ඉදි කිරීමට ඉඩමක් නොමැති බවට ග්‍රාම නිලධාරි සහ ප්‍රාදේශීය ලේකම් විසින් නිර්දේශ ඉදිරිපත් කල යුතුය.

ඉඩම් කොටස් ලබාදීමට සුදුසුකම් ලබන අයදුම්කරුවන් අනිවාර්යෙන්ම වසර 2 ක් ඇතුලත එම ඉඩම් කොටස සංවර්ධනය කර නිවාස ඉදිකර පදිංචි විය යුතුය.

ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ 2016/07 චක්‍රලේඛයේ 2.1 වගන්තිය අනුව අයදුම්කරුවන් 2009.06.01 දිනට පෙර යුද්ධ හමුදා සේවයට බැඳි ඇති අයවළුන් විය යුතු අතර, ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ 2021/01 දරණ නව චක්‍රලේඛයට අනුව 2009.06.01 දිනට පසුව යුද්ධ හමුදා සේවයට බැඳි ඇති අයවළුන් සඳහාද රජයේ ඉඩමක් ලබාගැනීමට හිමිකමක් ඇත.

මීට ප්‍රථම යුද්ධ හමුදාව වෙතින් ඉඩමක් හෝ නිවසක් ලබාගෙන නොමැති අයෙකු විය යුතුය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙතින් වෙන් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ගෙන් හෝ ඒ ආසන්න කොට්ඨාශ වල ස්ථිර පදිංචි කරුවන් හට ද අයදුම්පත් ඉදිරිපත් කල හැකිය.

සේවයේ යෙදී සිටින රණවිරුවන් හට ඉඩම් කොටස් ලබාගැනීම සඳහා අයදුම්පත් සම්පුර්ණ කර ග්‍රාම නිලධාරිගේ නිර්දේශය හා ප්‍රාදේශීය ලේකම් හා ඒකක අණදෙන නිලධාරිගේ නිර්දේශය සහිතව රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කර රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකගේ නිර්දේශය සහිත ආවර්ණ ලිපියක් මඟින් පමණක් මෙම අම වෙත ඉදිරිපත් කල යුතුය. (එසේ ඉදිරිපත් නොකරන අයවළුන්ගේ අයදුම්පත් සඳහා මෙම අම වෙතින් ක්‍රියා නොකරනු ලබයි.)

රණවිරුවන් වෙත ඉඩම් කොටස් බෙදාදීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් වෙන් කර ඇති ප්‍රදේශයන්

අනු අංකය

දිස්ත්‍රික්කය/ප්‍රාලේ කොට්ඨාශය හා ග්‍රාම නිලධාරි වසම

ඉඩමේ නම

01

කළුතර,අගලවත්ත,අංක 829 බී කැකුලන්දල දකුණ

පිඹුරවත්ත, කජුහේන

02

කුරුණෑගල, නිකවැරටිය

අංක 323 බෝගොල්ලාගම

03

කුරුණෑගල, ගල්ගමුව

ගොජරාගම සහ මැදගම

04

අනුරාධපුරය, මහවිලච්චිය, අංක 366 තන්තිරිමලේ

අංක 366 තත්තිරිමලේ

05

අනුරාධපුර, පදවිය,අංක 14 බෝහවැව තුලාන

කුඩා රත්මලේ අතුරු මාර්ගය දෙපස ඉඩම

06

අනුරාධපුරය, ගල්නෑව අංක 473 මුස්නව තුලාන

මුස්නව

07

මාතලේ,දඹුල්ල,ඊ/453/ඒ දිගම්පතහා

පැපිලියාගහලන්ද

08

පොලොන්නරුව,ඇලහැර,දියබෙදුම

පැරකුම්ගම

09

පුත්තලම,වනාතවිල්ලුව,පොම්පරිප්පු පත්තුව

සමගිපුර

10

පුත්තලම,ආනමඩුව,අංක 658 සී, දිවුල්වැව

සියඹලාගහහේන

11

පුත්තලම,මුන්දලම, අංක 609 ඒ පුබුදුගම

මරිච්චිකට්ටුව

සහනදායී පදනම මත බදු බලපත්‍ර ලබා ගැනීම සඳහා නිර්දේශ ලබාදීම

සක්‍රීය සේවයේ යෙදී සිටින හා විශ්‍රාමික රණවිරුවන් රජයේ ඉඩම් කොටසක පදිංචිව සිටී නම් ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ 2021/01දරණ චක්‍රලේඛයට අනුව සුදුසුකම් සපුරාලීමෙන් අනතුරුව 10% සහනදායී පදනම යටතේ බදු බලපත්‍ර ලබාගැනිම සඳහා නිර්දේශ ලබාදීම.

බදු බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් හා අවශ්‍ය ලියකියවිලි

සේවයේ යෙදී සිටින රණවිරුවන් පදිංචි රජයේ ඉඩම සඳහා බදු බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම්පත් සම්පුර්ණ කර ග්‍රාම නිලධාරි/ප්‍රාදේශීය ලේකම් හා ඒකක අණදෙන නිලධාරිගේ නිර්දේශය ලබා ගැනීමෙන් පසු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකගේ නිර්දේශය සහිත ආවර්ණ ලිපියක් මඟින් මෙම අම වෙත ඉදිරිපත් කල යුතුය. විශ්‍රාමික රණවිරුවන් පදිංචි රජයේ ඉඩම සඳහා බදු බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම්පත් සම්පුර්ණ කර ග්‍රාම නිලධාරි/ප්‍රාදේශීය ලේකම් නිර්දේශය ලබා ගැනීමෙන් පසු ඉඳුරාම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකගේ නිර්දේශය සහිත ආවර්ණ ලිපියක් මඟින් මෙම අම වෙත ඉදිරිපත් කල යුතුය.(එසේ ඉදිරිපත් නොකරන අයවළුන්ගේ අයදුම්පත් සඳහා මෙම අම වෙතින් ක්‍රියා කරනු නොලබයි.)