Header Sinhala

රියදුරු සහන අරමුදල

රියදුරු සහන අරමුදල

ශ්‍රී ලංකා යුද්ධ හමුදා රියදුරු බලපත්‍ර හිමි සියළු නිලයින් යුද්ධ හමුදා වාහන සහ යතුරුපැදි ධාවනයේදී සිදුවන අනතුරු හේතුවෙන් යුද්ධ හමුදා වාහන වලට සහ තෙවන පාර්ශවයට සිදුවන අලාභහානි වෙනුවෙන් යුහ රියදුරන් හට දැරීමට සිදුවන මුල්‍යමය වගකීම අවම කිරීමේ අරමුණ ඇතිව යුද්ධ හමුදා රියදුරු සහන අරමුදල 2016 වර්ෂයේදි මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ ස්ථාපනය කරන ලදි.

අරමුදලේ සාමාජිකත්වය සදහා සුදුසුකම් ලබන අයවලුන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා රියදුරු බලපත්‍ර/ධාවන පැදි බලපත්‍ර හිමි ස්ථීර/ස්වේච්ජා යුද්ධ හමුදා සාමාජිකයින් මේ සදහා සුදුසුකම් ලබයි.

වාර්ෂික සාමාජික මුදල.

  • එක් වසරක් සඳහා වාරික මුදල රු.700.00
  • එක් වාර්ෂික වාරිකයක් වෙනුවෙන් ප්‍රථිලාභ ආවරණ කාලසීමාව පවත්නා වර්ෂයේ සැප්තැම්බර් මස 01 වන දින සිට ඊළග වර්ෂයේ අගෝස්තු මස 31 දින දක්වා පමණක් වන අතර, එළබෙන වර්ෂයට අදාල සාමාජිකත්වය ලබා ගැනීම සදහා මෙම අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් සියලුම රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත ලිපියක් මගින් දැනුම් දීම සිදු කරනු ලබයි.
  • සාමාජිකයාගෙන් අයකරනු ලබන රු.700.00 ක මුදල් වාරිකය වර්ෂයේ ජුනි හෝ ජුලි මස වැටුපෙන් අයකර ඒකකය වෙතින් අයත් රෙජිමේන්තුව වෙත භාරදීමෙන් පසු අදාල රෙජිමේන්තුව වෙතින් මෙම අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙත සාමාජිකයාගේ අංකය, නිලය, නම, යුහ හැදුනුම්පත් අංකය සහ යුද්ධ හමුදා රියදුරු බලපත්‍ර අංකය සමඟ රෙම සේනාවිධායක නිර්දේශයෙන් අගෝස්තු මස 25 වන දිනට ප්‍රථම ඉදිරිපත් කළ යුතුය.

ප්‍රථිලාභ සහ ප්‍රථිලාභ ලබාගත හැකි අවස්ථා.

  • හදිසි අනතුරකින් යුධ හමුදා රථයට සිදුවන අලාභහානි වෙනුවෙන් වැය කිරීමට සිදුවන මුදල රියදුරු වෙතින් අයකර ගැනීමට මුපඋ වෙතින් නිගමනය කළ අවස්ථාවන්හිදි.
  • තෙවන පාර්ශවයට අලාභහානියක් සිදුවී එම අලාභය රියදුරු විසින් ගෙවීමට සිදුවන අවස්ථාවකදී.

ප්‍රථිලාභ ඉල්ලුම් කිරීමේ ක්‍රියා පිළිවෙත.

  • සාමාජිකයා විසින් ප්‍රථිලාභ ඉල්ලුම් කිරීමේ අයදුම් පත්‍රය සම්පූර්ණ කර ආයතන ප්‍රධානිගේ නිර්දේශයෙන් පසු බළප්‍රදේශය භාර ශ්‍රීලයුපොහේබ ඒකක අණදෙන නිලධාරීගේ නිර්දේශය සහ අධ්‍යක්‍ෂ නීතිගේ නිර්දේශය සමඟ මෙම අරමුදල වෙත ඉදිරිපත් කළ යුතුය.

ප්‍රථිලාභ ඉල්ලුම් කිරීමට අවශ්‍ය ලිපිලේඛණ

  • නිවැරදිව සම්පූර්න කරන ලද ප්‍රථිලාභ ඉල්ලුම් පත්‍රය
  • මූපඋ හි යුද්ධ හමුදාධිපති නිගමනය
  • ගරු අධිකරණ නියෝගයේ සත්‍ය පිටපතක්
  • අනතුර පිලිබද ශ්‍රීලයුපොහේබ වාර්ථාවේ පිටපතක්
  • පොලිස් වාර්ථාවේ පිටපතක්
  • බැංකු වාර්ථාවේ පිටපතක්
  • බැංකු පොතේ ජායාස්ථ පිටපතක්
  • අලාභය වෙනුවෙන් ගෙවු වන්දි මුදල සදහා ආයතනය වෙතින් නිකුත් කල මුල් බිල්පත
  • අදාල අයදුම්පත් මෙම අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙත ලද පසු ඉහත සදහන් ලිපි ලේඛන පරික්‍ෂා කර බලා සුභසාධක අධ්‍යක්‍ෂක වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් පසු පහත සඳහන් පරිදි මුදල් ගෙවීම සිදු කරනු ලබයි.
  • වෙනත් පාර්ශවයක් සඳහා වන්දි ගෙවීම් වෙනුවෙන් ප්‍රථිලාභ මුදල් සාමාජිකයාගේ බැංකු ගිණුම වෙත ඉදුරාම ප්‍රේශණපතක් මගින් ගෙවීම් සිදුකරනු ලබයි.
  • යුද්ධ හමුදාවට අයවීමට යම් මුදලක් ඇත්නම් ඉදුරාම ප්‍රේශණපතක් මගින් වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙත ලබාදීම.

ලබාගත හැකි ප්‍රථිලාභ මුදල් ප්‍රමාණය

  • වර්ෂයක් සඳහා රු:300,000.00 (ලක්‍ෂ තුනක්) හිමි වේ. තවද පවත්නා වර්ෂය තුලදි අවශ්‍යතාවය පරිදි උපරිම ප්‍රථිලාභ මුදලට යටත්ව අවස්ථා කිහිපයකදි වුවද ප්‍රථිලාභ ලබාගත හැකිවේ.