Header Sinhala

මරණාධාර අරමුදල

යුද්ධ හමුදා මරණාධාර අරමුදල

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය හා ස්වෙච්ඡා හමුදාවන්හි සහ එම හමුදාවන්හි උප සේවයෙන් සක්‍රිය සේවයට කැඳවා ඇති හා ද්වීතියනය කර ඇති ඕනෑම නිලධාරියෙකු/සෙසුනිලයෙකු, නිත්‍ය හා ස්වෙච්ඡා හමුදාවන්හි කැඩෙට් නිලධාරියෙකු හෝ ආධුනික සෙබලෙකු මියගිය විට ළඟම ඥාතියා හට අවමංගල්‍යය කටයුතු ඉටුකර ගැනීම සඳහා මුදලින් ආධාර කිරීම. යුද්ධ හමුදා මරණාධාර යෝජනා ක්‍රමයේ අර්ථලාභින් වනුයේ සාමාජිකයා පමණි.

මෙහිදී යුද්ධ හමුදා සාමාජිකයෙකු මියගිය හොත් ඔහුගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා වන වියදම් පියවා ගැනීම සඳහා රු: 200,000.00ක මුදල ඒකකය හෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය මගින් මූලිකව ලබාදීමෙන් පසු එම මුදල් මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් අදාල රෙජිමේන්තුව වෙත ප්‍රතිපූර්ණය කරනු ලැබේ.

සාමාජිකයෙකු කුමන හේතුවක් මත මියගියද මරණාධාර මුදල් ලඟම ඥාතියාට හිමි වේ. රු. 200,000.00 (ලක්‍ෂ දෙකක්) ක මුදලක් ලඟම ඥාතියා වෙත ගෙවීමෙන් පසු අයදුම්පත සහ මරණ සහතිකයේ මුල් පිටපතක් රෙජිමේන්තු මධ්‍යස්ථානය, වැහාලේ අම/පිපඅම අනුමැතිය මත සුසාඅම වෙතින් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත ප්‍රතිපූර්ණය කරනු ලබයි. මෙම අරමුදල සඳහා සෑම සාමාජිකයෙකුගෙන්ම සෑම වසරකම ජනවාරි හා ජුනි මස වැටුපෙන් රු. 100.00 බැගින් වාරික දෙකක දී රු. 200.00 ක මුදලක් අයකර අරමුදල තර කර ගනු ලබයි.