Header Sinhala

පාසල් අංශය

යුධ හමුදා පිළිවෙතට අනුව රජයේ පාසල් හා ආරක්‍ෂක සේවා විද්‍යාලයන් වෙත ළමුන් ඇතුලත් කිරීම සඳහා සුදුසුකම් සපුරන අයවළුන්

  • සක්‍රිය සේවයේ යෙදී සිටින නිත්‍ය සහ ස්වේච්ඡා හමුදාවන්හි සියලුම සාමාජිකයින්
  • මියගිය නිත්‍ය හා ස්වේච්ඡා හමුදා සාමාජිකයින්ගේ දරුවන් සිටීනම් ඔවුන්ගේ භාරකරුවන්
  • ත්‍රස්තවාදි ක්‍රියා හේතුවෙන් ආබාධිතව වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගැන්වු යුද්ධ හමුදා නිත්‍ය හා ස්වේච්ඡා හමුදා සාමාජිකයින්
  • සිවිල් පදනම මත හමුදාගත කර ඇති අයවලුන්
  • දරුවා ඇතුලත් කිරීමට බලාපොරොත්තුවන වර්ෂයට පෙර වර්ෂයේ ජනවාරි මස 31 වන දිනෙන් පසු විශ්‍රාම ලබා ඇති අයවලුන්
  • තමන්ට දාව දරුවන් නොමැති යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ඔවුන් වෙනත් අයවලුන්ගේ දරුවන් නිත්‍යානුකූලව තම භාරයට ගෙන රැකබලා ගන්නේනම්, එම දරුවන් (අධිකරණ නියෝගය ඉදිරිපත් කල යුතුයි)
  • සක්‍රිය සේවයේ යෙදී සිට විශ්‍රාම ලැබු අයවලුන් (සක්‍රිය සේවයේ නියුතු අයවලුන් හට පාසල් ලබාදීමෙන් පසු ඉතිරි ඇබෑර්තු පමණක් විශ්‍රාමික අයවලුන් හට ලබාදීම සිදුකරයි)

ලකුණු ලබා දිමේ පිළිවෙත

  • ක්‍රියාන්විත/ක්‍රියාන්විත නොවන හේතුන් මත රාජකාරියේ යෙදී සිටියදී මියගිය අයවලුන් සඳහා ලකුණු 10000 යි. (මිය යෑම යුද්ධ හමුදා සේවයට අදාලනම් පමණයි)
  • ක්‍රියාන්විත සේවා කාලය සඳහා එක් දිනකට ලකුණු 0.821 බැගින් ලකුණු 4500 යි.
  • සාම සාධක රාජකාරි සඳහා දිවයිනෙන් බැහැරව සිටි කාලසීමාවන් සඳහා එක් දිනකට ලකුණු 0.2 බැගින් හිමිවේ.
  • යුද්ධ හමුදා සේවය සඳහා එක් දිනකට ලකුණු 0.5 බැගින්
    • සෙසුනිළයින් සඳහා උපරිම වසර 22 ක් සඳහා ලකුණු 4015 යි.
    • නිලධාරීන් සඳහා උපරිම වසර 30 ක් සඳහා ලකුණු 5475 යි.
    • සේවය දීර්ඝ කිරීමකදී හෝ නැවත සේවයට කැඳවීමකදී එක් දිනකට ලකුණු 0.5 බැගින් අමතරව හිමිවේ.
    • කලත්‍රයා ත්‍රිවිධ හමුදාවේ හෝ ශ්‍රී ලංකා පොලිසියේ සක්‍රීය සේවයේ යෙදී සිටී නම් ලකුණු 250

ආබාධිත ප්‍රතිශතය සඳහා ලකුණු ලබා දිම

  • ත්‍රස්තවාදි ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වු අයවලුන්ගේ ආබාධිත ප්‍රතිශතය සඳහා 1%:10 අනුපාතය අනුව ලකුණු 1000
  • ත්‍රස්තවාදි ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව තවදුරටත් සේවයේ සිටින අයවලුන්ගේ ආබාධිත ප්‍රතිශතය සඳහා 1%:45 අනුපාතය අනුව ලකුණු 4500
  • ක්‍රියාන්විත/ක්‍රියාන්විත නොවන ප්‍රදේශයන්හි ත්‍රස්තවාදි නොවන ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වන අයවලුන්ගේ ආබාධිත ප්‍රතිශතයට 1%:3 අනුපාතය අනුව ලකුණු 300

නිලය සඳහා ලකුණූ ලබා දීම (උපරිම ලකුණු 800)

මේජර් ජෙනරාල් සහ ඉන් ඉහල - 800
බ්‍රිගේඩියර් - 750
කර්නල් - 700
ලුතිතන් කර්නල් - 650
මේජර් - 600
කපිතන් - 550
ලුතිතන් (උපා)/ලුතිතන් - 500
දෙවන ලුතිතන්/උපපනි - 450
බලලත් නිලධාරී I - 400
බලලත් නිලධාරී II - 350
මාණ්ඩලික සැරයන් - 300
සැරයන් - 250
සැරයන් - 250
ලා/කෝප්‍රල් - 150
සාමාන්‍ය සෙබළ - 100

පදක්කම් සඳහා ලකුණූ ලබා දීම (උපරිම ලකුණු 3000 )

වීරෝධාර විභූෂණය 1200
වීර වික්‍රම විභූෂණය 1000
රණ වික්‍රම පදක්කම 700
රණශූර පදක්කම 400
විශිෂ්ඨ සේවා විභූෂණය /කාර්යක්‍ෂම සේවා විභූෂණය 300
උත්තම සේවා පදක්කම/කාර්යක්‍ෂම සේවා පදක්කම 200
දේශපුත්‍ර පදක්කම 100

ක්‍රීඩා ජයග්‍රහන සඳහා ලකුණු ලබා දීම (උපරිම 10000)

 

රන්

රිදී

ලෝකඩ

ඔලිම්පික් /පැරා ඔලිම්පික් තරඟාවලි

10000

9000

8000

ලෝක ශූරතා

1200

1100

1000

පොදු රාජ්‍ය මණ්ඩල හා ආසියාතික

1000

900

800

ලෝක හමුදා

700

675

650

දකුණු ආසියාතික

650

625

600

සාර්ක් කලාපීය

500

475

450

දකුණු ආසියාතික යුද්ධ හමුදා ක්‍රීඩා

425

400

375

ලුසෆෝනියා

400

375

350

ජාතික ක්‍රීඩා

275

250

225

ආරක්‍ෂක සේවා ක්‍රීඩා

200

175

150

ඔලිම්පික්/පැරා ඔලිම්පික් ජයග්‍රහණ (උපරිම ලකුණු 10000)
ජාත්‍යාන්තර ජයග්‍රහණ (උපරිම ලකුණු 3000)
විදෙස් තරඟාවලි ජයග්‍රහණ නොලබා සහභාගිත්වය (උපරිම ලකුණු 100)
ජාතික ක්‍රීඩා ජයග්‍රහණ (උපරිමය ලකුණු 1500)
ආරක්‍ෂක සේවා ක්‍රීඩා ජයග්‍රහණ (උපරිමය ලකුණු 1000)

නිනොනො දින සඳහා ලකුණූ අඩු කිරීම

(1) දින 02 සිට දින 07 දක්වා - 50
(2) දින 08 සිට දින 14 දක්වා - 100
(3) දින 15 සිට දින 21 දක්වා - 150
(4) දින 22 සිට දින 36 දක්වා - 200
(5) දින 37 සිට දින 51 දක්වා - 250
(6) දින 52 සිට දින 66 දක්වා - 300
(7) දින 67 සිට දින 81 දක්වා - 350
(8) දින 81 වඩා වැඩි නිනොනො දිනයන් සඳහා දින 81 සඳහා අඩු කරන ලකුණු 350 ට අමතරව එක් දිනකට ලකුණු 1 බැගින් අහිමි කිරීම.
උදාහරණ :
දින 190 ක නිනොනො කාලයක් සඳහා - පළමු දින 81 සඳහා 350 + ඉතිරි දින 109 සඳහා 109 = අඩුවන සම්පුර්ණ ලකුණු 459

රජයේ පාසල්හි වෙනත් ශ්‍රේණි (1 හා 6 ශ්‍රේණි හැර) වෙත දරුවන් ඇතුලත් කිරීම

යුද්ධ හමුදා සාමාජිකයින්ට පහත දක්වා ඇති සුවිශේෂී හේතුන් මත පමණක් රජයේ පාසල් වල වෙනත් ශ්‍රේණි (1 හා 6 ශ්‍රේණි හැර) වෙත දරුවන් ඇතුලත් කිරීමට අවස්ථාව සලසා දී ඇත.

  • ස්ථාන මාරුවීම් හේතුවෙන් පදිංචි ස්ථානය වෙනස් වීම මත
  • විවිධ හේතුන් මත ස්ථීර පදිංචිය වෙනස් වීම මත
  • විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හට විශේෂිත වු පාසලක් ලබාගැනීම මත

මේ සඳහා ඉල්ලීම් සිදු කිරීමේදී පහත දක්වා ඇති ලියකියවිලි ඉදිරිපත්කල යුතුය.

  • ඔබගේ ගැටළුව පැහැදිලිව සදහන් කරන ලද අභියාචනය.
  • පෙර පදිංචි ස්ථානයෙන් පදිංචිය හැරගිය බවට ග්‍රාම නිලධාරි සහතිකය.
  • නව ස්ථානයේ පදිංචිය තහවුරු කිරීමට ග්‍රාම නිලධාරිගෙන් ලබා ගන්නා ලද පදිංචි සහතිකයක්
  • දරුවාගේ උප්පැන්න සහතිකය.
  • ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන පාසලේ අදාල ශ්‍රේණිය තුළ පුරප්පාඩු ඇති බවට විදුහල්පතිගෙන් ලබාගත් ලිපිය.

ආරක්‍ෂක සේවා විද්‍යාල (කොළඹ/කුරුණෑගල) පළමු ශ්‍රේණිය වෙත දරුවන් ඇතුලත් කිරීම.

කොළඹ/කුරුණෑගල ආරක්‍ෂක සේවා විද්‍යාල වල පළමු ශ්‍රේණිය සඳහා දරුවන් ඇතුලත් කිරීමේදී රජයේ පාසල් සඳහා ලකුණු සකස් කළ පරිදි ලකුණු ජ්‍යෙෂ්ඨතාවයට අනුව ප්‍රමුඛතා ලේඛනය සකස් කර බඳවා ගැනිම් සිදු කරනු ලබයි.

ආරක්‍ෂක සේවා විද්‍යාල වල වෙනත් ශ්‍රේණි සඳහා ළමුන් ඇතුලත් කිරීම.

  • විජෙශා වෙතින් පත්කරන ලද මණ්ඩලයක් මගින් අයදුම්කරු උපයාගෙන ඇති ලකුණු ජ්‍යෙෂ්ඨතාවයට අනුව ප්‍රමුඛතා ලේඛනය සකස් කරනු ලබයි.
  • ආරක්‍ෂක සේවා විද්‍යාලයන් වෙතින් ලබාදෙන ඇබෑර්තු සඳහා ප්‍රමුඛතා ලේඛන‍යේ ලකුණු ජ්‍යෙෂ්ඨතාවයට අනුව අයදුම්කරුවන්ගේ දරුවන් බඳවා ගැනීම් කටයුතු සිදුකරනු ලබයි.

6 ශ්‍රේණිය සඳහා 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල නිකුත් වීමෙන් පසු අයදුම්පත් කැඳවන අතර, දරුවන්ගේ ශිෂ්‍යත්ව ලකුණු ජ්‍යෙෂ්ඨතාවයට අනුව ප්‍රමුඛතා ලේඛනය සකස් කර දී ඇති පුරප්පාඩු සම්පුර්ණ කරනු ලබයි. උසස් පෙළ වෙත දරුවන් ඇතුළත් කිරීමේදී අ:පො:ස (සා/පෙළ) ප්‍රථිපල නිකුත් වීමෙන් පසු අයදුම්පත් කැඳවන අතර, දරුවාගේ ප්‍රතිළුල අනුව ප්‍රමුඛතා ලේඛනය සකස් කර පුරප්පාඩු සම්පුර්ණ කරනු ලබයි.

ආරක්‍ෂක සේවා විද්‍යාල සඳහා විශ්‍රාමික අයවළුන් සඳහාද අවස්ථාවක් පවතින අතර, දරුවා විද්‍යාලය වෙත ඇතුලත් කරන වර්ෂය වන විට අයදුම්කරු විශ්‍රාම ගොස් අවුරුදු 05 කට නොවැඩි අයවළුන් සඳහා පමණක් මෙම අවස්ථාව හිම් වේ.

රජයේ පාසල් හා ආරක්‍ෂක සේවා විද්‍යාල වෙත ඇතුලත් කිරිම සදහා ඉදිරිපත් කල යුතු ලියකියවිලි

(1) අධ්‍යාපන අමාත්‍යාංශ අයදුම්පත් 03 යි (මුල් පිටපත් 01 යි, ඡායා පිටපත් 02 යි)
(2) යුද්ධ හමුදා අයදුම්පත් 01 යි (සිංහල)
ආරක්‍ෂක සේවා විද්‍යාල ඉල්ලුම් කිරිමේදි ඒ සදහා වන අයදුම්පත් පිටපත් 03 ඉදිරිපත් කල යුතුය (මුල් පිටපත් 01 යි, ඡායා පිටපත් 02 යි)
(3) උප්පැන්න සහතිකයේ පිටපත් 03 යි (මුල් පිටපත් 01 යි, ඡායා පිටපත් 02 යි)
(4) දරු උපත් දෙකොනි/යුආපා 09 පිටපත් 01 යි
(5) ආසන්න මාසයේ වැටුප් පත්‍රිකා 01 යි
(6) යුද්ධ හමුදා හැදුනුම්පතෙහි ඡායා පිටපත් 01 යි
(7) ජාතික හැදුනුම්පතෙහි ඡායා පිටපත් 01 යි
(8) ආබාධික අයෙකුනම් දරුවා ඇතුලත් කිරීමට බලාපොරෝත්තු වන වර්ෂයට පෙර වර්ෂයේ ජනවාරි මස 31 දිනෙන් පසු ලබාගත් ආබාධිත ප්‍රථිශත පත්‍රිකා 01 යි
(9) ඒකක අණදෙන නිලධාරි විසින් ලබා දෙනු ලබන සේවා සහතික 01යි
(10) කාලාත්‍රයා ත්‍රිවිධ හමුදාවේ/පොලිසියේ සේවය කරන්නේ නම් ඔහුගේ/ඇයගේ ඒකකය වෙතින් ඉදිරිපත් කරනු ලබන සේවා සහතික 01 යි
(11) පදක්කම් හිමිගන්වා ඇති නම් ඒ සඳහා ලබාදි ඇති ගැසට් පත්‍රයන්හි පිටපත්
(12) හමුදා නියෝගයේ සඳහන් ක්‍රීඩා ජයග්‍රහනයන්ට අදාල සහතිකපත්වල පිටපත්
(13) තමාටදාව දරුවන් නොමැති යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ඔවුන් වෙනත් දෙමාපියන්ගේ දරුවන් නිත්‍යානුකුලව තම භාරයට ගෙන රැකබලා ගන්නේ නම්, එම දරුවන් නිත්‍යානුකුලව තමා භාරයට ගෙන පාසල වෙත ඇතුලත් කරන වර්ෂයේ ජනවාරි මස පළමු වන දිනට අවම වශයෙන් වසරක් සම්පුර්ණ කර තිබිය යුතු අතර, සනාථ කිරිම සඳහා ඊට අදාල උසාවි නියෝග ඉදිරිපත් කල යුතුය.
(14) අයදුම්කරුගේ නමෙහි පරස්පරතාවයන් ඇති නම් ඒ සදහා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කල යුතුය.


විමසිම් :
SO II 0114050231
CC - 0114050878
කාර්යාලය - 0112514940