CIB ආයතනය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව විශේෂ වට්ටම් ප්‍රතිශතයක් (10%) යටතේ 2026 සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සක්‍රීය සේවයේ නියුතු යුධ හමුදා සාමාජිකයින් සඳහා ඇගළුම් නිශ්පාදන හා නිවසට අවශ්‍ය අනෙකුත් උපකරණ දිවයින පුරා පිහිටි CIB සියලුම ශාඛාවන් වෙතින් මිළදී ගැනීම සඳහා මෙම වසරේදීද සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් විශේෂ සුභසාධක ව්‍යාපෘතියක් වශයෙන් සැලසුම් කර ඇත.
ඒ අනුව, භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිලධාරීන් වෙනුවෙන් රු:35,000.00 ක් සහ සෙසුනිළයින් වෙනුවෙන් රු:30,000.00 ක වටිනාකමින් යුතු විශේෂිත ණය කාඩ්පතක් නිකුත් කරනු ලබයි.
සුදුසුකම් :- අයදුම්කරුගේ සේවා කාලය වසර 2 ක් සහ සේවා කාලය වසර 5 ඉක්මවූ, ඉදිරි සේවා කාලය අවම වසර 01 ක් හෝ ඊට වැඩි ඇපකරුවන් දෙදෙනෙකු විසින් අත්සන් කල යුතුයි.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අවශ්‍ය වේ නම් පහත සඳහන් දුරකථන අංකයන් වෙත අමතා ලබා ගැනීමට හැකියාවක් ඇති බව කාරුණිකව දන්වා සිටිනු ලැබේ.
මානි 11 වෙළඳසැල් සම්බන්ධීකරණ - 077 7158572
යුහ දිගුව - 51818