Header Sinhala

යුද්ධ හමුදා සමාජිකයින් සඳහා ASB Fashion ආයතනය වෙතින් ඇගළුම් නිශ්පාදන හා නිවසට අවශ්‍ය අනෙකුත් උපකරණ මිළදී ගැනීම සඳහා ණය පහසුකම් ලබාදීම - 2026

2026 සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සක්‍රීය සේවයේ නියුතු යුධ හමුදා සාමාජිකයින් සඳහා විශේෂ වට්ටම් ප්‍රතිශතයක් (10%) යටතේ ASB Fashion ආයතන සමඟ සම්බන්ධතාවයෙන් යුතුව ඇගළුම් නිශ්පාදන හා නිවසට අවශ්‍ය අනෙකුත් උපකරණ දිවයින පුරා පිහිටි ASB Fashion සියලුම ශාඛාවන් වෙතින් මිළදී ගැනීම සඳහා මෙම වසරේදීද සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් විශේෂ සුභසාධක ව්‍යාපෘතියක් වශයෙන් සැලසුම් කර ඇත.

ඒ අනුව, භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිලධාරීන් වෙනුවෙන් රු:35,000.00 ක් සහ සෙසුනිළයින් වෙනුවෙන් රු:30,000.00 ක වටිනාකමින් යුතු විශේෂිත ණය කාඩ්පතක් නිකුත් කරනු ලබයි. 2026 පෙබරවාරි මස 15 වන දින සිට කාඩ්පත් නිකුත් කරනු ලබන අතර, මෙම කාඩ්පත සඳහා භාණ්ඩ මිළදී ගත හැකි වලංගු කාලසීමාව 2026 අප්‍රේල් මස 30 දින දක්වා පමණි.

සුදුසුකම් :- අයදුම්කරුගේ සේවා කාලය වසර 2 ක් සහ සේවා කාලය වසර 5 ඉක්මවූ, ඉදිරි සේවා කාලය අවම වසර 01 ක් හෝ ඊට වැඩි ඇපකරුවන් දෙදෙනෙකු විසින් අත්සන් කල යුතුයි.

මානි 11 වෙළඳසැල් සම්බන්ධීකරණ - 077 7158572

යුහ දිගුව - 51818