Header Sinhala

2026.01.30 වන දින නව විධායක ජෙනරාල් තුමාගේ සුභසාධක අධ්‍යක්‍ෂක මණ්ඩල සංචාරය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී යන ජේෂ්ඨ නිලධාරි නව තනතුරෙහි රාජකාරී භාරගැනීමෙන් අනතුරුව, විධායක ජෙනරාල් ශාඛාව යටතේ පාලනය වන අධ්‍යක්‍ෂක මණ්ඩල නිරීක්‍ෂණය කිරීමේ කටයුතු ආරම්භ කරමින් 2026 ජනවාරි මස 30 වන දින සුභසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙත සංචාරය කරන ලදී. එහිදී සුභසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සුභසාධක අධ්‍යක්‍ෂක තුමන් හමුවන ලදී. විධායක ජෙනරාල් තුමාගේ සංචාරය සනිටුහන් කරමින් සමරු සටහන් පොතෙහි සමරු සටහනක්ද තබන ලදී.

ඉන් අනතුරුව, සුභසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සියළුම නිළධාරින් සමග සාකච්ඡාවක් මෙම අධ්‍යක්‍ෂක මණ්ඩල සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.