Header Sinhala

2026.01.08 වන දින සුභසාධක අධ්‍යක්‍ෂක තුමාගේ කතරගම නිවාඩු නිකේතන සංචාරය සහ සිවිල් සේවක මහතුන්ට ඔවුන්ගේ දරුවන් වෙත ලබාදීම සදහා පාසල් උපකරණ බෙදාදීම

බ්‍රිගේඩියර් ආර්එම්සී රත්නායක ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී යන ජේෂ්ඨ නිලධාරි විසින් 2025 දෙසැම්බර් මස 11 දින සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සුභසාධක අධ්‍යක්‍ෂ තනතුරෙහි රාජකාරී භාරගැනීමෙන් අනතුරුව, සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ පාලනය වන ආයතන නිරීක්‍ෂණය කිරීමේ කටයුතු ආරම්භ කරමින් 2026 ජනවාරි මස 08 වන දින කතරගම නිවාඩු නිකේතනය වෙත සංචාරය කරන ලදී. ඉන් අනතුරුව එම ස්ථානීය නිරීක්‍ෂණ කටයුතු සිදු කල අතර වන්දනා කරුවන් ලැගුම් ගන්නා ස්ථාන තුල පවතින තත්වය පරීක්‍ෂා කරණ ලදී.

තවද, එහිදී නිවාඩු නිකේතනයේ සේවය කරනු ලබන සිවිල් සේවක මහතුන්ගේ දරුවන් වෙත යුධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් පරිත්‍යාග වශයෙන් ලබාදුන් පාසල් උපකරණ සුභසාධක අධ්‍යක්‍ෂක තුමා විසින් බෙදා දීමේ වැඩසටහනක්ද පවත්වන ලදී.