Header Sinhala

05th April 2024 14:45:15 Hours

සුභ සාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් තවත් ප්‍රජා සත්කාරයක්

යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව මෙම අම වෙතින් සමාජ සත්කාරක කටයුත්තක් වශයෙන් යුධ හමුදා සක්‍රිය සේවයේ නියුතු නිලධාරි/සෙසුනිලයින්ගේ දරුවන් අතරින් වයස අවුරුදු 12 ට අඩු හදවතේ සිදුරු සහිත හදවත් රෝගී තත්වයෙන් පෙලෙන දරුවන් සදහා ශල්‍යකර්ම/වෛද්‍ය ප්‍රථිකාර සිදුකිරිමට නවීන පහසුකම් වලින් සමන්විත ප්‍රමුඛ පෙලේ පුද්ගලික රෝහලක් වන ආසිරි පුද්ගලික රෝහල යුධ හමුදාව සමග අත්වැල් බැද ගනිමින් මුදල් අයකිරිමකින් තොරව ශල්‍යකර්ම නොමිලේ සිදුකිරිමට එකගතාවය පලකරඇත.

ඒ අනුව, එහි පළමුවන අධියර වශයෙන් 4 (සෙව්) යාපාරෙ ඒකකයට අයත් සෙ/වී100258 මා/සැරයන් ආරියරත්න ටීජීටීපී යන ජ්‍යෙකොනොනිගේ අවු 03 ක් වයසැති ටීජී නිසල් විතක්‍ෂණ ආරියරත්න දරුවා හදවත් සැත්කම ආසිරි රෝහල වෙතින් 2024.02.24 දින සාර්ථකව සිදුකරන ලදි.