Header Sinhala

විදේශ සංචාර රක්‍ෂණය

විදේශ සංචාර රක්‍ෂණාවරණය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සක්‍රීය සේවයේ නියුතු නිලධාරි/සෙසුනිලයින් හට පාඨමාලා/ක්‍රීඩා කටයුතු හා වෙනත් රාජකාරි කටයුත්තක් වෙනුවෙන් විදේශ ගතවීමක දී විදේශ ගතවන කාලසීමාව පමණක් ආවරණය වන පරිදි රක්‍ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි රක්‍ෂණ සමාගම් වෙතින් විදේශ සංචාර රක්‍ෂණාවරණයක් ලබා ගැනීමට හැකියාව ඇති අතර, ඒ වෙනුවෙන් ගපාඅම වෙතින් පාලනය වන පාඨමාලා/සංචාර සඳහා ගුවන් ප්‍රවේශපත් මිලදී ගනු ලබන වැය ශීර්ෂයන් මගින් වෙන්කර ඇති ප්‍රථිපාදනයන් වෙතින් වැයදැරීම සිදුකරනු ලබයි.

මෙහිදී විදේශ ගමන් රක්‍ෂණාවරණය ඉල්ලුම් කිරීම ක්‍රීඩාඅම, පුහුණුඅම හා විමේඅම මගින් සිදුකල යුතු අතර, ඒ සඳහා පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කල යුතුය.

  • පුහුණුඅම/ක්‍රීඩාඅම හා විමේඅම වෙතින් රක්‍ෂණාවරණය ඉල්ලුම් කරන ලද ආවරණ ලිපිය.
  • ආරක්‍ෂක අමාත්‍යාංශ ලිපිය.
  • ගුවන් ගමන් බලපත්‍ර පිටපත.
  • ගුවන් ගමන් කාල සටහන පිටපත.

රක්‍ෂණ ප්‍රථිලාභ ලබා ගැනීම.

රක්‍ෂිතයා වෙත නිකුත් කර ඇති රක්‍ෂණ ඔප්පුවෙහි සඳහන් ප්‍රතිලාභයන් ඔවුන් ගමන්ගන්නා රටේදීම ලබා ගැනීමේ හැකියාව ඇත.