17th February 2020 18:18:36 Hours
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ (පාඨමාලා අංක 88) පුහුණුව ලබන නිලධාරි ශිෂ්යභඨයින් ඔවුන්ගේ විෂය මාලාවෙහි හුරුපුරුදු අංගයක් ලෙස ඉකුත් සිකුරාදා (14) දින අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ම්‍යස්ථානයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.
31st January 2020 13:18:46 Hours
සිංහ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව මගින් ක්‍රියාන්විත හේතූන් මත මියගිය/ ආබාධිත/ සේවයේ යෙදී සිටින රණවිරුන්ගේ දුවාදරුවන් හට සහ සිවිල් සේවක මහතුන්ගේ දුවාදරුවන්ගේ අධ්‍යාපනය කටයුතු ඉහල නැවීමේ අරමුණින් ශීෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් 2020.01.25 වන දින සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සහ සිංහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතණි ප්‍රියමාලි මුදන්නායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
24th January 2020 20:52:32 Hours
වසර 34 කට නොඅඩු සේවා කාලයක් සපුරමින් මාතෘ භූමියට අනුපමේය මෙහෙයක් ඉටුකල මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව් කුමාරප්පෙරුම යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීම නිමිති කොටගෙන 2020 ජනවාරි මස 24 වන දින අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සම්මාන පෙළපාලියක්, සියළු නිල තේපැන් සංග්‍රහයක් හා දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
23rd January 2020 22:02:57 Hours
මෙම රෙජිමේන්තුවේ සිටින සුරතුලන් දෙදෙනා අතරින් එල්සාගේ දෙවන උපන්දිනය 2020 ජනවාරි මස 22 වන දිනට යෙදී තිබු අතර මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායකතුමන්, සියළු නිලධාරීන් හා සෙසු නිලයින් ගේ සහභාගිත්වයෙන් එදින කදවුරු පරීශ්‍රය තුලදී උත්සවාකාරයෙන් සමරනු ලැබීය.
23rd December 2019 20:58:21 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව 2019 වර්ෂයේ යුද්ධ හමුදා මුලස්ථානය මගින් පවත්වනු ලබන නත්තල් උත්සවයට සමගාමීව නව යුද්ධ හමුදා මුලස්ථානය වෙත මධ්‍යම පරිසර අධිකාරිය දෙසින් පැමීණෙන පිවිසුම් මාර්ගයේ සිට නැගෙනහිර පිවිසුම දක්වා මාර්ගය දෙපස මීටර් 1700 ක භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි විවිධ වර්ණයන්ගෙන් යුත් අරලිය පැල රෝපණය කිරීමක් 2019 දෙසැම්බර් මස 23 වන දින සිදුකරන ලදී.
23rd December 2019 19:39:52 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩිතැබීමේ තරඟාවලිය 2019 දෙසැම්බර් මස 14 වන දින සිට 22 වන දින දක්වා දියතලාව මීටර් 1000 වෙඩිපිටියේදී පැවැත්විණි. ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියළුම රෙජිමේන්තු නියෝජනය වන පරිදි එක් රෙජිමේන්තුවක් වෙතින් නිළධාරීන් 05 දෙනෙකු සහ සෙසුනිලයින් 05 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 31 ක් සහභාගී විය.
18th December 2019 13:23:49 Hours
5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් මාබේරියතැන්න, දිගන හි ඉදිකරන ලද "ලයන්ස් වික්ටෝරියා වීව්" නිලධාරි නිවාඩු නිකේතනය ඒකක අණදෙන නිලධාරි මේජර් ආර්ආර්එස් දෙහිගල ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් වත්මන් ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල ආර්ඩබ්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2019 ක් වු දෙසැම්බර් මස 10 වන දින විවෘත කරන ලදි.
12th December 2019 14:12:28 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන ප්‍රියමාලි මුදන්නායක මැතිණිය 2019 දෙසැම්බර් මස 09 වන දින කඹුරුපිටිය - අභිමංසල සුව සහන නිකේතනය II හි නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා රෝහල් සංචාරයක් සිදු කරන ලදී.
12th December 2019 13:39:47 Hours
ශී‍්‍ර ලංකා සිංහ රෙජිමේන්තු සේවාමුක්ත භට සංගමයේ කාරක සභාවක් එම සංගමයේ ගරු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ආර්ඒඒඑa පෙරේරා ආර්එස්පි ගේ ප්‍රධානත්වයෙන් 2019 දෙසැම්බර් මස 08 වන දින 0830 පැයට අඹේපුස්ස ශී‍්‍ර ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
06th December 2019 14:53:12 Hours
23 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ 10 වන දෙවන අණදෙන නිළධාරී වශයෙන් මේජර් එම් සී එස් ජයසේකර ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් 2019 නොවැම්බර් මස 29 වන දින පොතුවිල් හි ස්ථානගත බළඇණි මුලස්ථානයේදී නව තනතුරේ රාජකාරී ආරම්භ කරන ලදි.