Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

12th December 2019 14:12:28 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය කඹුරුපිටිය - අභිමංසල සුව සහන නිකේතනය II හි රෝහල් සංචාරයක් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන ප්‍රියමාලි මුදන්නායක මැතිණිය 2019 දෙසැම්බර් මස 09 වන දින කඹුරුපිටිය - අභිමංසල සුව සහන නිකේතනය II හි නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා රෝහල් සංචාරයක් සිදු කරන ලදී.

මේ සඳහා සිංහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිළධාරීන් සහ සෙසුනිළයන්ද සහභාගී විය. එහිදී නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ විනෝදාස්වාදය සඳහා කැලිප්සෝ සංගීත කණ්ඩායමේ ඉදිරිපත් කිරීමක් සහ ප්‍රණීත දිවා ආහාර වේලක්ද පිළිගන්වන ලදී.

තවද සුව සහන නිකේතනය II හි නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා උණුවතුර බෝතල්, දඟර හීටර් සහ විදුලි ස්ත්‍රික්ක ප්‍රධානය කිරීමක්ද සිංහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය විසින් සිදු කරන ලදී.