Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඉතිහාසය

ශ්‍රී ලංකා යුධ හමුදා නිත්‍ය බළෙස්නාෙව් ප්‍රථම වරට රයිෆල් ‍රෙජිමේන්තුවක ‍ඓතිහාසික ආරම්භය සනිටුහන් කරමින් 1956 ඔක්‍තෝබර් මස 01 වන දින දියතලාව ඒම්ප්‍රදාරු කදවුරේදී බිහිනුණු ලංකා සිංහ රෙජිමේන්තුවට එහි මුලාරම්භක පුරෝගාමී මෙහෙවර සදහා ලංකා පාබල හමුදාවේ නිලධාරී සහ සෙසුනිළයින් 60 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් සිංහ යන නාමයට ඇතුළත් වූ අතර, නව බළඇණියේ ප්‍රථම අණදෙන නිලධාරි ලෙසින් ලුතිතන් කර්නල් ආර්ඩී ජයතිලක එම්බීඊ පිදුම් ලැබීය.

මෙම වකවානුවේදී ලංකා ස්වේච්ඡා පාබල හමුදාව මහනුවර සී කණ්ඩායම රජරට රයිෆල් නැමැති ඒකකය ලෙසට නාමිකව පරිවර්ථනය වී තිබු අතර, මෙම ඒකකය එවකට එහි සිටි අණදෙන නිධාරි ලුතිතන් කර්නල් එස්ඩී රත්වත්තගේ අණදී යටතේ 1956 ඔක්තබෙර් 01 දින සිට 2 වන (ස්වේච්ඡා) ලංකා සිංහ රෙජිමේන්තුව ස්වේච්ඡා රයිෆල් රෙජිමේන්තුවක් ලෙසට 1 වන බළඇණිය ලංකා සිංහ රෙජිමේන්තුව එවිට වු දිනම මහනුවර යටිනුවර වීදියේ දැනට 2(සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ඒකකය පිහිටුවා ඇති ස්ථානයෙහිම ස්ථාපිත කරන ලදි. මෙකල රට තුල නිතර නිතර සිවිල් පරිපාලනය බාධා ඇති කරන තත්ත්වයක් උද්ගතවු බැවින් යුද හමුදාවේ සන්නද්ධ බලය සමගින් පුහුණු සොල්දාදුවන්ගේ පිරිස් බලය වැඩි කිරීමට රජයට තිබූ අවශයතාව මේ නිසා සම්පුර්ණ විය.

ඉන්පසු 1969 ඔක්තෝබර් මස 01 වන දින නුවරඑළිය හීල්කුල් හිදී 3(ස්වේච්ඡා) සිංහ බළඇණිය ආරම්භ කරන ලදි. ලංකා සිංහ රෙජිමේන්තුව 1972 මැයි මස 22 වන දින ජනරජ දිනයේදී 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නිත්‍ය වශයෙනුත්, ස්වේච්ඡා බළඇණි 2 හා 3 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ස්වේච්ඡා වශයෙනුත් නම් කරනු ලදි.

80 දශකයේ මුල් භාගය වන විට ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීභාවයට තර්ජනඇති කරමින් ත්‍රස්ථවාදීන්ගේ ක්‍රියාකාරකම් වැඩිවීම නිසා ඇති වු ශ්‍රී ලංකා යුද හමුදාවේ ශීඝ්‍ර වර්ධනයන් සමගම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බළඇණිවල ව්‍යාප්තිය ද ඒ අනුව සිදුවිය.

  • 4 වන බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 1985.12.01 - අඹේපුස්ස කදවුර
  • 5 වන බළඇණිය (ස්වේච්ඡා) - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 1987.01.01 - මහනුවර කදවුර
  • 6 වන බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 1987.08.01 - අම්පාර කදවුර
  • 7 වන බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 1990.05.12 - අඹේපුස්ස කදවුර
  • 8 වන බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 1992.10.16 - අම්පාර කොන්ඩුවටුවාන කදවුර
  • 9 වන බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 1993.01.01 - වැලිඔය කදවුර
  • 10 වන බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 1994.01.23 - සන්කත්තරවායල් කදවුර
  • 11 වන බළඇණිය (ස්වේච්ඡා) - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 1994.04.16 - දේවහූව කදවුර
  • 12 වන බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 1996.12.09 - අඹේපුස්ස කදවුර
  • 14 වන බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 1996.12.16 - අඹේපුස්ස කදවුර
  • 15 වන බළඇණිය (ස්වේච්ඡා) - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 1997.01.01 - පොන්නාලෙයි කදවුර
  • 16 වන බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 1997.02.17 - අඹේපුස්ස කදවුර
  • 17 වන බළඇණිය (ස්වේච්ඡා) - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 2007.12.01 - කතරගම කදවුර
  • 18 වන බළඇණිය (ස්වේච්ඡා) - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 2008.03.30 - කලවංචිකුඩායි කදවුර
  • 19 වන බතළඇණිය (ස්වේච්ඡා)- ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 2008.08.31 - කටුකැලියාවකදවුර
  • 20 වන බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 2008.10.01 - වව්නිකුලම් කදවුර
  • 21 වන බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 2008.12.01 - අඹේපුස්ස කදවුර
  • 22 වන බළඇණිය (ස්වේච්ඡා) - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුය - 2009.07.01 - අඹේපුස්ස කදවුර
  • 23 වන බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 2009.08.01 - පුනරින් කදුවර
  • 24 වන බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 2009.10.01 - අලම්පීල් කදවුර

මෙම කාල වකවානුව වන විට එල්ටිටීඊ ත්‍රස්ථවාදීන්ට එරෙහිව ගෙනගිය නැගෙනහිර සහ උතුරු මානුෂීය මෙහෙයුම හේතුවෙන් බොහෝ සොල්දාදුවන් තුවාල ලැබීම හේතුකොටගෙන යුද්ධ හමුදාව විසින් නතුකරගත් එල්ටිටීඊ ප්‍රදේශයන්හි පාලන කටයුතු සිදුකරගෙන යාමේදි පැනනැගුනු භඨ පිරිස් හිගතාවය අවම කර ගැනීමේ අදහසින් යුද්ධ හමුදා මුලස්ථානයේ උප‍දෙස් පරිදි ආධාරක බළඇණි පිහිටුවීම සිදුකරන ලදි. මෙසේ ආරම්භ කරන ලද ආධාරක බළඇණි සදහා වැඩි වශයෙන් යුද්ධයේදී ආබාධ තත්ත්වයට පත්වු එහෙත් යම්කිසි රාජකාරි මට්ටමක යෙදවිය හැකි සෙබලුන් මෙන්ම නිලධාරීන්ද ඇතුලත් කරන ලදි. ඔවුන් වැඩි වශයෙන් යුද්ධ හමුදා භට පිරිස් මුදවාගත් ප්‍රදේශවල ආරක්ෂ තත්වය ආරක්ෂා කිරීමෙහිලා රාජකාරීයේ යෙදවීය.

ශ්‍රි ලංකා යුද හමුදාවේ බළඇණි සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වීම තුලින් බිහි වු රෙජිමේන්තු පිහිටුවීමේ සංකල්පය මත 1988 මැයි මස 09 වන දින දයතලාවේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලද අතර, 1956 දී මෙම ස්ථානයේදීම 1 වන සිංහ රෙජිමේන්තුව බිහිවීම ද ඉතිහාසගත විශේෂ සිදුවීමක් විය. ප්‍රථම රෙජිමේන්තු ආඥාපති ලෙස බ්‍රිගේඩියර් ඩී විජේසිංහ පත්වු අතර රෙජිමේන්තු මධ්‍යස්ථානය 1989 ඔක්තෝබර් මස 21 වන දින එවකට 1 වන සිංහ රෙජිමේන්තු මුලස්ථානය පිහිටුවා තිබු අඹේපුස්ස කදවුර වෙත රැගෙන එන ලදි.

1994.01.23 දින යාපනයේ සන්කත්තරවායල් කදවුරේදී ස්ථාපිත කරන ලද 10 වන බළඇණිය එවකට පැවැති යුධමය අවශ්‍යතානය මත නවතමයෙන් පිහිටුවන ලද යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අනියුක්ත කරන ලද අතර, එතැන් සිට එය 2 වන යාන්ත්‍රික පාබල බළඇණිය වශයෙන් මානුෂීය මෙහෙයුම සදහා තම දායකත්වය සැපයීය.එසේ ආරම්භ වු ආධාරක බළඇණි අතුරින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත්ව බළඇණි 4 ක් ස්තාපිත කරන ලද අතර, ඒවා 1, 2, 3 සහ 4 වන බළඇණි වශයෙන් පහත දක්වා ඇති දිනයන්හිදී පිහිටුවන ලදි.