Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඉතිහාසය

පාබල බළඇණි අවි ආයුධ සහ උපකරණ

අතීතයේ භාවිත කළ අවි ආයුධ

අතීත රජදවස සිදුකරන ලද බොහෝ යුධමය කටයුතු සදහා යොදාගනු ලැබුයේ පංචායුධයි. ඒවා නම් කඩු, දුනු, අඩියටි, පත් කොහොල් හා පාරා වළලු වශයෙනි. මෙවැනි දේ දේශියව නිපදවා ගනු ලැබු අවි ආයුධ බොහොමයක් සියවස් ගණනාවක් තිස්සේ යොදා ගනු ලැබු අතර, ලොකයේ ඇති වු ශීඝ්‍ර දියුණුවත් සමගම අවි ආයුධ නිපදවීමේ තාක්ෂණයද දිනෙන් දින දියුණු වන්නට විය.

විසිවන සියවසේ මුල් කාලයේ ඇති වු පළමුවන ලෝක යුද්ධයත් සමග ලොවපුරා තම ආධිපත්‍ය පැතිරවීමේ අදහසින් විවිධ රටවල් තම අවශ්‍යතාවයට අනුව අවි ආයුධ තාක්ෂණය දියුණ කළ අතර, කලින් කලට විවිධ වු අවි ආයුධ ලොව පුරා භාවිත කරන්නය විය.

එංගලන්තයේ ග්‍රීන් ජැකට් රයිෆල් බලකායට අනුරෑපව පිහිට වු රෙජිමේන්තුවක් වු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව එම රෙජිමේන්තුවේ බොහෝමයක් සම්ප්‍රදායන් අනුගමනය කිරීමට කටයුතු කරනු ලැබීය.

ග්‍රීන් ජැකට් රෙජිමේන්තුව මුලින්ම බේකර් රයිෆලය තම පුදගලික අවිය වශයෙන් භාවිත කරන ලදි. බොහෝමයක් රෙජිමේන්තු විසින් පළදින ලද රතු කබාය වෙනුවට රයිෆල් ග්‍රීන් (රට වෙරලු පැහැ) කබායක් පලදින ලද අතර, රයිෆලයේ ප්‍රයෝජනය සදහා බයිනේත්තුව භාවිතා කරන ලදි. මේ අයුරින් තම පුද්ගලික අවියේ සිට ඛණ්ඩ මා කණ්ඩායම් හා බළඇණි දක්වා වු අවි ආයුධ තම රෙජිමේන්තුවේ අභිමානය ආරක්ෂා වන අයුරින් පවත්වාගෙන යාමට ඔවුන් සෑම විටම කටයුතු කරන ලැබීය.


මෙසේ දීර්ඝ ඉතිහාසයක් ඇති රයිෆල් රෙජිමේන්තු ස්මප්‍රදායන් සමහරක් ඒ අයුරින්ම පවත්වා ගෙන යාම සදහා ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ද කටයුතු කර ඇත. එමෙන්ම පසුගිය කාලවලදී එල්ටීටීඊ ත්‍රස්ථවාදීන් සමග ඇති වු මෙහෙයුම් ගණනාවකදීම රයිෆල් රෙජිමේන්තුවක ඇති සටන් කිරීමේ සුවිශේෂී හැකියාව ලෝකයා හමුවේ ප්‍රදර්ශණය කිරීමේදී ඔවුන් භාවති කරනු ලබන අවි ආයුධ හා උපකරණ මහගු දායකත්වයක් සපයාලු බව නොරහසකි.

රයිෆල් රෙජිමේන්තුවක් වශයෙන් ප්‍රචලිත ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව විසින් භාවිත කරනු ලබන අවි ආයුධ හා සටනේ නිරතවන භට පිරිස් විසික් තම ආරක්ෂාව හා ක්‍රියාන්විතයේදී උපරිම ප්‍රතිඵල ලබාගැනීමේ අරමුණින් භාවිත කරනු ලබන විවිධ උපකරණ පිලිබද පහත විස්තර වේ. මුලික වශයෙන් තම සංග්‍රාමික ඇදුම් කට්ටලය නිසි අයුරු සකසා ගැනීමට මෙවැනි උපකරණ බෙහෙවින් උපකාර වේ.