Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඉතිහාසය

  • 1 වන ආධාරක බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 2008.09.05 දින
  • 2 වන ආධාරක බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 2009.01.15 දින
  • 3 වන ආධාරක බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 2009.04.04 දින
  • 4 වන ආධාරක බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 2009.09.03 දින

නැවත වරක් යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් පරිදි ක්‍රියාන්විත තත්ත්වය නිමවු පසු ආධාරක බළඇණි වශයෙන් ස්ථාපත කර තිබු බළඇණි විසරුවා හැර ඒවා නවතම බළඇණි වශයෙන් පිහිටුවන ලදි.

  • 25 වන බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 2010.09.20 - පම්පෙයිමඩු කදවුර
  • 26 වන බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 2010.09.20 - වෙඩිවෙට්ටිකල්ලු කදවුර
  • 27 වන බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 2010.09.20 - ගජසිංහපුර කදවුර
  • 28 වන බළඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 2010.09.20 - මඩු මන්නාරම කදවුර

මානුෂිය මෙහෙයු‍මෙන් පසු ශ්‍රී ලංකා යුධ හමුදාවේ සිදු වූ විවිධ ප්‍රතිව්‍යුහගත කිරීම් හේතුවෙන් 27, 28 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 22(සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව බළඇණි විසුරුවා හැරීම සදහා යුධ හමුදා මුලස්ථානය වෙතින් උපදෙස් ලබාදුන් අතර, 2012.02.29 දින සිට අදාල අළඇණි 03 නිසුරුවා හැර සේවයේ නියුතු නිලධාරි සහ සෙසුනිලයින් අනෙකුත් ඒකකයන් වෙත ඇතුලත් කරන ලදි.

වර්ථමානයේ නිත්‍ය බළඇණි 15 කින් ද (1, 4, 6, 7, 8, 12, 14, 16, 20, 21, 23, 24, 25, 26 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව ආදි වශයෙන්) ස්වේච්ඡා බළඇණි 8 කින් ද (2, 3, 5, 11, 15, 17, 18, 19 (ස්වේ) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු වශයෙන්) සමන්විත මෙම රෙජිමේන්තුව යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් වු රණවිරුවන්ගෙන් සුදුම්ලත් මුලස්ථාන බළඇණිකින්ද සමන්විතව ශ්‍රී ලංකාද්වීපයෙහි ස්වෛරීභාවය සුරකිමේ පරම අදිටනින් ලක්බිමෙහි වීර පුතුන් ලෙස අභීතව තම රාජකාරීන්හි යෙදී සිටී.