Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඉතිහාසය

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු තූර්ය වාදක කණ්ඩායම

ශ්‍රී ලංකා යුධ හමුදා තුර්ය වාදක කණ්ඩායමට අමතර තුර්ය වාදන රාජකාරි බහුල වු බැවින් ඒ සදහා වු විකල්පයක් වශයෙන් රෙජිමේන්තු මට්ටමින් තූර්ය වාදක කණ්ඩායම් පිහිටුවීම පිළිබදව සලකා බලන ලදි. ඒ අනුව වර්ෂ 1989 දී ආධුනික සෙබළුන් බදවාගෙන ඔවුන්හට මුලික යුධ හමුදා පුහුණුව යුධ හමුදා පුහුණු පාසල මින්නේරිය කදවුර වෙතින් ලබා දීමෙන් අනතුරුව මුලික තුර්යවාදක පුහුණුව සදහා ඔවුන් තූර්ය වාදක මුලස්ථානය වෙත ඇතුළත් කරන ලදි. එසේ ඇතුළත් කරන ලද ආධුනික සෙබළුන් අතුරින් ප්‍රථමයෙන් පහත දක්වා ඇති රෙජිමේන්තු වෙත එක රෙජිමේන්තුවකට සෙබළුන් 17 දෙනෙකු බැගින් වෙන් කරන ලදි.

  • ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
  • ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාව
  • ශ්‍රි ලංකා ඉංජිනේරු බලකාය
  • ශ්‍රී ලංකා යුධ හමුදා පාබල හමුදාව
  • ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු

මෙසේ වසර ගණනාවක් ක්‍රමවත්ව පුහුණුවී සිදුකරමින් පැමිණි අප රෙජිමේන්තු තූර්ය වාදක කණ්ඩායම 2002 වර්ෂයේදී පවත්වන ලද තුර්යවාදක තරගාවලියේදී දෙවන ස්ථානය ලබාගන්නා ලදි. 2011 වර්ෂය වන විට තුර්ය වාදක කණ්ඩායමේ රාජකාරි කරන ලද බොහෝමයක් අයවලුන් වශ්‍රාම ගැනීම සදහා නියමිත සිට බැවින් සෙ/363233 බනි 11 හේරත් කේඑම්ආර්පීගේ නායකත්වයෙන් යුතු වර්ථමාන තුර්ය වාදක කණ්ඩායම සෙබළුන් 31 දෙනෙකුගෙන් සමන්විතව තූර්ය වාදක රාජකාරි කරනු ලබයි.

විවිධ අවස්ථාවන් වලදි මවි රෙජිමේන්තුවේ උදරතර නිර්භිත භාවය හා වේගවත්බාවය තම හැකියාවන් ත්‍රලින් පෙන්නුම් කරන ලද තුර්ය වාදක කණ්ඩාය වෙතින් පහත දක්වා ඇති රජකාරි අවස්ථාවන් ආවරණය කරනු ලබිය.

  • නිදහස් දින පෙළපාලි උත්සව කටයුතු
  • විජයග්‍රහණ පෙළපාලිය
  • අවමංගල්‍ය පෙළපාලි
  • ආධුනික හා අනෙකුත් පාඨමාලා විසිර යාමේ පෙළපාලි
  • ඒකක සංවත්සර පෙළපාලි
  • රෙජිමේන්තු විශේෂ රාජකාරි