17th September 2019 14:04:51 Hours
20 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ හය වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් සී එස් සේරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් මන්නාරම පෙරියවලයන්කඩ්ඩු හි ස්ථානගත බළඇණි මූලස්ථානයේදී 2019 සැප්තැම්බර් මස 12 වන දින වැඩ භාරගන්නා ලදී.
16th September 2019 18:01:21 Hours
63 වන බලඇණි සංවත්සරයට සමගාමීව 1 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය - කිලිනොච්චි සමග ඒකාබද්ධ වී 2019 සැප්තැම්බර් 14 වන දින රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් බලඇණි පරිශ්‍රයේදී සංවිධානය කල අතර එම වැඩසටහන සදහා යුධ හමුදා නිළධාරින් සහ සෙසු නිළයන් 110 දෙනෙකු සහභාගි වී රුධිරය දන් දෙන ලදි.
14th September 2019 20:02:34 Hours
03rd September 2019 11:53:03 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම්කේඩි පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වි යුඑස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය යටතේ සහ සිංහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි ශිරෝමි මාසකෝරාල මැතිණියගේ මගපෙන්වීම අනුව අනාගත නායකත්වය සදහා දරුවන් සවිබල ගැන්වීමේ පුහුණු වැඩසටහනක් පුද්ගල විභවතා සංවර්ධන හා මනෝවිද්‍යා පුහුණු උපදේශක චන්දන ගුණවර්ධන මහතාගේ මෙහයවීමෙන් 2019 අගෝස්තු මස 27 වන දින සිට 2019 අගෝස්තු මස 31 වන දින දක්වා සිංහ සේවාවනිතා ශාඛාව මගින් සංවිධානය කරන ලදී.
25th August 2019 14:13:15 Hours
25th August 2019 10:29:47 Hours
නව පාබල අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක සිකුරාදා (23) දින කොළඹ 04 හි පිහිටි පාබල අධ්යක්ෂ ජෙනරාල් කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
03rd July 2019 13:17:20 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සංවිධානය කරන ලද සිංහ මේලා 2019 අධ්‍යාපන, වෙළද හා සංගීත ප්‍රසංගය අති විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් ජුනි මස 28 හා 29 දෙදින පුරාවට වරකාපොල මහජන ක්‍රීඩාංගනයේදී සාර්ථකව පැවැත්විණි.
09th April 2019 12:03:27 Hours
වර්තමාන රෙජිමේන්තු සුරතලා වන කූගර් (III) ගේ දෙවන උපන් දිනය 2019 අප්‍රේල් මස 06 වන දිනට යෙදී තිබු අතර මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් , සියළුම නිළධාරීන් හා සෙසු නිලයන්ගේ සහභාගිත්වයෙන් 2019 අප්‍රේල් මස 08 වන දින කඳවුරු පරිශ්‍රය තුලදී එම අවස්ථාව උත්සවාකාරයෙන් සමරනු ලැබීය.
30th March 2019 01:10:35 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් 2019 පළමු කාර්තුවේ නිලධාරී පුහුණුවීම් දිනය 2019 මාර්තු මස 29 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම්කේඩි පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී විඑස්වි යුඑස්පි එන්ඩියු ගේ අධීක්ෂණය යටතේ පැවති එම වැඩසටහන සඳහා නිලධාරීන් 150 දෙනෙකු සහභාගී විය.
18th February 2019 17:22:05 Hours
යුධ හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා තරඟාවලිය සඳහා ඉසව්වක් ලෙස ප්‍රථම වරට ඇතුළත් කරන ලද දුණු විදීමේ තරඟාවලිය 2019.02.15 වන දින යුද හමුදා ජනපදය පනාගොඩදී රෙජිමේන්තු 10 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.