Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

14th September 2019 20:02:34 Hours

2019 දෙවන කාර්තුවේ නිලධාරි පුහුණු දිනය සාර්ථකව පැවැත්විණි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් 2019 දෙවන කාර්තුවේ නිලධාරී පුහුණු දිනය 2019 සැප්තැම්බර් මස 12 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම්කේඩි පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී විඑස්වි යුඑස්පි එන්ඩියු ගේ අධීක්ෂණය යටතේ පැවති එම වැඩසටහන සඳහා නිලධාරීන් 150 දෙනෙකු සහභාගී විය.

එදින වැඩසටහන උදෑසන සැසිවාරය ශාරීරික අභ්‍යාස වලින් ආරම්භ කර ඉන් අනතුරුව අසි සරඹද පසුව “ආපදා කළමණාකරනය සහ එය අවම කර ගැනීම” පිළිබද දැනුම වර්ධනය කරගැනීමේ අරමුණ ඇතිව විශේෂ ආරාධිත දේශකයෙකු ලෙස ශ්‍රී ලංකා සන්නාහ හා සන්නද්ධ බළකායේ කර්නල් ඩබ්ඩබ්එච්ආර්ආර්වීඑම්එන්ඩීකේබී නියන්ගොඩ ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් ඉතා හරවත් දේශණයක් ද සිදුකරන ලදි. සන්ධ්‍යා කාලයේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව 9 වන බළඇණිය මගින් “ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්‍ෂාව සදහා සමාජ ජාල වලින් ඇති වන බලපෑම” යන තේමාව යටතේ ඉදිරිපත් කිරීමක් ද සිදුකල අතර එය කාලීන ප්‍රවණතා සබැඳිව විශ්ලේෂණාත්මක ඉදිරිපත් කිරීමක් විය. දිනය අවසානයේ “ඩයිනර්ස් ක්ලබ්” පවත්වනු ලැබූ අතර එහිදී සුසිල් ලියනගේ මහතා විසින් “වෙනස්වන ලෝකයේ නායකත්වය” යන මාතෘකාව ඔස්සේ කාලින දේශනයක් පවත්වන ලදි.