02nd March 2026 18:48:36 Hours
2026 පෙබරවාරි 27 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද නිලධාරී පුහුණු දිනය අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රෙජිමේන්තු අධිපති හා 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එම්.සී. අබේකෝන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වුණි.මෙම අවස්ථාවට රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් රැසක් සහභාගී විය.
02nd March 2026 18:28:38 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව නියෝජ්‍ය සේනාවිධායක වශයෙන් කර්නල් ඩබ්ලිව්ඩීඑස් මොරවැටියේගෙදර යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026 පෙබරවාරි මස 27 වන දින අභිනවයෙන් සිය ධූරයේ වැඩ අරඹන ලදී.
16th February 2026 16:32:00 Hours
2026 පෙබරවාරි 14 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 20 වන බලඇණිය විසින් සංවිධානය කරන ලද 2026 අන්තර් බලඇණි පා පැදි තරඟාවලිය උත්සවාකාරයෙන් සහ ඉතා සාර්ථකව පැවැත්විණි.බලඇණි නියෝජනය කරමින් පැමිණි පාපැදිකරුවන් 44 දෙනෙකු අතර දැඩි තරඟකාරීත්වයක් දක්නට ලැබුණු අතර, තරඟයේදී 20 වන බලඇණියේ සෙබලෙකු විසින් පළමු ස්ථානය දිනා ගත්තේය.
14th February 2026 21:00:23 Hours
ශ්‍රී ලංකා යුද හමුදා ජල ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරන ලද 6 වන අන්තර් රෙජිමේන්තු සැතපුම් 2 විවෘත මුහුදු පිහිනුම් ශූරතාවලිය 2026 පෙබරවාරි 13 වන දින ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ලකුණු 57 ක් ලබාගනිමින් සමස්ත ශූරතාවලියේ (පිරිමි) දෙවන ස්ථානය දිනා ගත්තේය.
11th February 2026 18:28:32 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් අඹේපුස්ස, කීනදෙණිය මහා විද්‍යාල පරිශ්‍රයේදී ඩෙංගු මර්දන වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.
22nd January 2026 20:27:51 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ආදරණීය සුරතලෙකු වන 'එල්සා' සිංහ ධේනූවගේ අටවන උපන්දිනය රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ඉකුත් 22 වනදා සමරන ලදි. එම උත්සවය සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක වන බ්‍රිගේඩියර් පීඑම්එස් කරුණාරත්න පිඑස්සී ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරින් සහ සෙසු නිලයින්ද සහභාගි වන ලදි.
20th January 2026 14:29:24 Hours
සිංහ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිණී යමුනා අබේකෝන් මැතිණියගේ සංකල්පයකට අනුව “දිට්වා” සුලි කුනාටුව හේතුවෙන් විපතට පත් රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ රාජකාරී නියුතු රණවිරුවන්/ සිවිල් සේවක මහතුන් වෙනුවෙන් කාගිල්ස් වව්චර්පත් ලබාදීමේ වැඩසටහනක් රෙජිමේන්තු මධ්‍යස්ථානය අඹේපුස්ස කදවුරේදී 2026/01/17 වන දින සිදුකරන ලදී.
18th January 2026 22:20:26 Hours
ශ්‍රී ලංකා හමුදාවට මෙන්ම මව්බිමට වටිනා සේවාවක් ඉටු කිරීමෙන් පසු මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලද 14 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය ජෙනරාල් අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ඩී එස් ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී හට උපහාර පිදීමේ උත්සවයක් 2026 ජනවාරි 17 වන දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
18th January 2026 22:07:09 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අන්තර් ඒකක කඹ ඇදීමේ ශූරතාවලිය, 2026 ජනවාරි 16 වන දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම උත්සවය 12 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සංවිධානය ලද අතර කණ්ඩායම් හැඟීම, ශක්තිය සහ රෙජිමේන්තු අභිමානය ඉස්මතු කරමින් තරඟකාරී බලඇණිවල උද්යෝගිමත් සහභාගීත්වයක් දක්නට ලැබුණි.
18th January 2026 21:56:49 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 4 වන බලඇණියට අයත් රණවිරු ලාන්ස් කෝප්රල් දිසානායක ඩී.යූ. (S/361362) හට යුහපති සංකල්ප නිවාස ව්‍යාපෘතියේ 8 වන අධියර යටතේ පුර්ණ නිවසක් සඳහා රු: 1,500,000.00 ක නිවාස ආධාර හිමිගන්වා ඇත.