22nd January 2026 20:27:51 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ආදරණීය සුරතලෙකු වන 'එල්සා' සිංහ ධේනූවගේ අටවන උපන්දිනය රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ඉකුත් 22 වනදා සමරන ලදි. එම උත්සවය සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක වන බ්‍රිගේඩියර් පීඑම්එස් කරුණාරත්න පිඑස්සී ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරින් සහ සෙසු නිලයින්ද සහභාගි වන ලදි.
20th January 2026 14:29:24 Hours
සිංහ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිණී යමුනා අබේකෝන් මැතිණියගේ සංකල්පයකට අනුව “දිට්වා” සුලි කුනාටුව හේතුවෙන් විපතට පත් රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ රාජකාරී නියුතු රණවිරුවන්/ සිවිල් සේවක මහතුන් වෙනුවෙන් කාගිල්ස් වව්චර්පත් ලබාදීමේ වැඩසටහනක් රෙජිමේන්තු මධ්‍යස්ථානය අඹේපුස්ස කදවුරේදී 2026/01/17 වන දින සිදුකරන ලදී.
18th January 2026 22:20:26 Hours
ශ්‍රී ලංකා හමුදාවට මෙන්ම මව්බිමට වටිනා සේවාවක් ඉටු කිරීමෙන් පසු මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලද 14 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය ජෙනරාල් අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ඩී එස් ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී හට උපහාර පිදීමේ උත්සවයක් 2026 ජනවාරි 17 වන දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
18th January 2026 22:07:09 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අන්තර් ඒකක කඹ ඇදීමේ ශූරතාවලිය, 2026 ජනවාරි 16 වන දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම උත්සවය 12 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සංවිධානය ලද අතර කණ්ඩායම් හැඟීම, ශක්තිය සහ රෙජිමේන්තු අභිමානය ඉස්මතු කරමින් තරඟකාරී බලඇණිවල උද්යෝගිමත් සහභාගීත්වයක් දක්නට ලැබුණි.
18th January 2026 21:56:49 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 4 වන බලඇණියට අයත් රණවිරු ලාන්ස් කෝප්රල් දිසානායක ඩී.යූ. (S/361362) හට යුහපති සංකල්ප නිවාස ව්‍යාපෘතියේ 8 වන අධියර යටතේ පුර්ණ නිවසක් සඳහා රු: 1,500,000.00 ක නිවාස ආධාර හිමිගන්වා ඇත.
15th January 2026 20:14:03 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් 2025 ජනවාරි 14 වන දින නව අධිකාරී ලත් නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද විශේෂ පුහුණු වැඩසටහනක් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සාර්ථකව අවසන් කරන ලදී.
15th January 2026 07:31:53 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිංහ රෙජිමේන්තු භට පිරිස්ගේ සම්බන්ධතාවයෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඉවත් කිරීමත්, ඩෙංගු රෝගය වැළැක්වීම පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමත් වේ.
30th December 2025 14:43:59 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 27 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් පීඑම්එස් කරුණාරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි භාරගැනීම නිමිත්තෙන් 2025 දෙසැම්බර් මස 19 වන දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උත්සවයක් පැවැත්විනි.
30th December 2025 11:14:07 Hours
මේජර් ජෙනරාල් නිලයට නිල උසස් වීම් ලද මේජර් ජෙනරල් එච්ඒඅයි පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ මේජර් ජෙනරල් එල්ඩී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත 2025 දෙසැම්බර් මස 14 වන දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උපහාර පිරිනමන ලදී.
26th November 2025 18:01:30 Hours
14 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරි ලෙස මේජර් ජීඑච්ටීපී ෆොන්සේකා පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 නොවැම්බර් මස 21 වන දින සිය ධූරයේ වැඩ ආරම්භ කරන ලදී.