07th August 2025 21:40:27 Hours
සිංහ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිනී ඉදුනිල් ජයකොඩි මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2025 ජුනි 30 වන දින අභිමංසල 3 - කුරුණෑගල සුවහසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීම සදහා රෝහල් සංචාරයක් සිදුකරන ලදී.
07th August 2025 15:35:12 Hours
“ලස්සන වෙරළ තීරයක් - ආකර්ශනීය සංචාරක ගමනාන්තයක්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් සංවිධානය කරන “Clean Sri Lanka” වැඩසටහන යටතේ 2025 ජූලි 29 වන දින වෙරළබඩ සුන්දරත්වය වැඩි දියුණු කිරීම සහ සමුද්‍ර දූෂණය අවම කිරීම අරමුණු කරගනිමින් පුත්තලම සහ තලවිල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් සහභාගී විය.
28th July 2025 21:06:49 Hours
2025 යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරගාවලිය 2025 ජුලි 27 වන දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්රීඩාගාරයේදි නිමාවට පත්විය.
28th July 2025 20:31:04 Hours
මේජර් ඊඒයූඑස් එදිරිසිංහ යූඑස්පී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරි 8 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 19 වන අණදෙන නිලධාරි ලෙස 2025 ජූලි මස 22 වන දින රාජකාරි භාර ගන්නා ලදී.
23rd July 2025 10:07:29 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බලලත් නිලධාරී 1 එස්එස් ප්‍රදීප් 2025 ආසියා පැසිෆික් සහ අප්‍රිකානු බල එසවුම් ශූරතාවලියේදී සමස්ත තරඟාවලියේ රිදී පදක්කම දිනා ගනිමින් කිලෝග්‍රෑම් 59 බර පන්තියේ මුළු බර කිලෝග්‍රෑම් 605 ක් ඔසවා නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීය.
23rd July 2025 10:04:47 Hours
1996 ජූලි මාසයේදී එල්ටීටීඊ ප්‍රහාරයට එරෙහිව මුලතිව් කඳවුර ආරක්ෂා කිරීමේදී ජිවිත පරිත්‍යාග කළ රණවිරුවන් සිහිපත් කිරීමේ වාර්ෂික අනුස්මරණ උත්සවය 2025 ජූලි මස 17 දින 9 වන බළඇණය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මුලිකත්වයෙන් මුලතිව් රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
18th July 2025 14:02:18 Hours
1991 ජූලි 14 වන දින අලිමංකඩ යුද්ධ හමුදා කඳවුර ආරක්ෂා කිරීම උදෙසා නිර්භීතව දිවි පිදූ කෝප්රල් ගාමිණී කුලරත්න PWV රණවිරුවා සිහිකර 34 වන අනුස්මරණ උත්සවය 2025 ජූලි මස 14 වන දින අලිමංකඩ රණවිරු ස්මාරකය අභියසදි පැවැත්විණි.
14th July 2025 21:52:05 Hours
එල්ටීටීඊ ත්රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම අතරතුරදී 1990 ජූලි මස 11 දින කොකාවිල් කඳවුරේදී දිවිපිදූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතන් සාලිය අලදෙණිය PWV ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ගුණ සැමරුම් උත්සවය 2025 ජූලි මස 11 දින කොකාවිල් රණවිරු ස්මාරකය අසළදී පැවැත්විණි.
04th July 2025 12:14:26 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රෙජිමේන්තුවට අයත් නිලධාරි සහ සෙසුනිලයින් සදහා 2025 ජූලි මස 03 වන දින "මානසික සෞඛ්‍යය සහ තෘප්තිමත් ජීවිතයක්" පිළිබඳ වැදගත් දේශනයක් පැවැත්විණි. මෙම කාලෝචිත දේශනය මෙහෙයවනු ලැබුවේ යුද්ධ හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ ප්‍රධාන උපදේශක මනෝචිකිත්සක බ්‍රිගේඩියර් (වෛද්‍ය) ආර්එම්එම් මොනරාගල යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ එම ඒකකයට අයත් කණ්ඩායම විසිනි. මෙහිදි යහපත් මානසික සෞඛ්‍යය පවත්වා ගැනිම හා හමුදා සාමාජිකයෙකු ලෙස තෘප්තිමත් සහ සාර්ථක ජීවිතයක් ගතකරන්නේ කෙසේද යන්න පිළිබඳ ඉහල ක්‍රමවේදයන් යටතේ දැනුවත් කල අතර, ආරක්ෂක සේනා මුලස්ථාන (බටහිර) නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ මෙම දේශණය සිදු කරන ලදී.
23rd June 2025 15:17:57 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් 2025 ජූනි මස 20 වන දින රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනූව මෙහෙයවනු ලබන විවිධ වර්ගයන්ට අයත් පැළ 2000 ක් සිටුවීමට මුලපිරීම, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, එච්ඒඅයි පෙරේරා ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සමීප අධීක්ෂණය යටතේ සිදු කරනු ලබන අතර පාරිසරික තිරසාරභාවය සහ පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සදහා වන ජාතික උත්සාහයන් සඳහා මෙම ව්‍යපෘතිය පිටුවහලක් වනු ඇත.