04th July 2025 12:14:26 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රෙජිමේන්තුවට අයත් නිලධාරි සහ සෙසුනිලයින් සදහා 2025 ජූලි මස 03 වන දින "මානසික සෞඛ්‍යය සහ තෘප්තිමත් ජීවිතයක්" පිළිබඳ වැදගත් දේශනයක් පැවැත්විණි. මෙම කාලෝචිත දේශනය මෙහෙයවනු ලැබුවේ යුද්ධ හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ ප්‍රධාන උපදේශක මනෝචිකිත්සක බ්‍රිගේඩියර් (වෛද්‍ය) ආර්එම්එම් මොනරාගල යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ එම ඒකකයට අයත් කණ්ඩායම විසිනි. මෙහිදි යහපත් මානසික සෞඛ්‍යය පවත්වා ගැනිම හා හමුදා සාමාජිකයෙකු ලෙස තෘප්තිමත් සහ සාර්ථක ජීවිතයක් ගතකරන්නේ කෙසේද යන්න පිළිබඳ ඉහල ක්‍රමවේදයන් යටතේ දැනුවත් කල අතර, ආරක්ෂක සේනා මුලස්ථාන (බටහිර) නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ මෙම දේශණය සිදු කරන ලදී.