02nd June 2022 11:33:36 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ආඥාපති වශයෙන් රාජකාරී කරනු ලබන මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 16 වන රෙජිමේන්තු අධිපති ලෙස පසුගිය සඳුදා (23) දින අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
01st April 2022 20:34:14 Hours
7 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බළ ප්‍රදේශයේ පිහිටා ඇති බෝගස්වැව I, බෝගස්වැව II, නාමල්ගම, සැළලිහිණිගම, සහ නන්දිමිත්‍රගම යන නැවත පදිංචි කරන ලද ගම්මානවල ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් 50 ක් සඳහා රුපියල් 6,000/= ක් බැගින් වූ වටිනාකමකින් යුත් වියළි සලාක ඇසුරුම් 50 ක් 2022 මාර්තු මස 29 දින 7 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් පිරිනැමුහ.
01st April 2022 19:10:36 Hours
කෑගල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු (SLSR) ආධුණික පුහුණු පාසල වෙතින් ආධූණික පුහුණු පාඨමාලා අංක - 33 යටතේ බඳවා ගත් ආධුණික සෙනින් 217 ක් දෙනෙකු මූලික යුද්ධ හමුදා පුහුණුවෙන් පසු 2022 මාර්තු 31 (බ්‍රහස්පතින්දා) දින වර්ණවත් පෙළපාලියකදී විසිර ගියහ.
01st April 2022 09:21:20 Hours
ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඉකුත් සඳුදා (21) දින ආරම්භ වූ අන්තර් රෙජිමේන්තු කැරම් තරඟාවලියේ ත්‍යාග ප්රදානෝත්සවය සිකුරාදා (25) දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී පැවැත්විණි.
14th March 2022 13:08:47 Hours
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සිංහ සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද කාන්තා දින සැමරුම සිංහ සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දර්ශනී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු 12 වන දින අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
26th February 2022 15:26:03 Hours
22nd February 2022 18:41:55 Hours
ශ්‍රී ලංකාවේ හරිත කෘෂිකර්මාන්තය ඉහළ නැංවීම සඳහා ගෙන යනු ලබන ජාතික වැඩපිළිවෙලට සහය දක්වමින් 20 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් නිෂ්පාදනය කරන ලද ඝණ කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 40,000 ක ප්‍රමාණයක් සී/ස ලංකා පොහොර සමාගමේ මොණරාගල ප්‍රාදේශිය ගබඩාව වෙත 2022 පෙබරවාරි මස 21 වන දින උත්සවාකාරයෙන් භාරදෙන ලදී.
08th February 2022 18:24:21 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ (SLSR-SVB) සාමාජිකාවන් 2022 ජනවාරි 30 වන දින වාර්ෂික මහා සභා රැස්වීමේ (AGM) කටයුතු නිමාවෙන් අනතුරුව පාන්ගොල්ල සුවතා නිකේතනය ‘අබිමන්සල’ වෙත පැමිණ එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසන ලදි.
08th February 2022 10:15:42 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ (SLSR-SVB) වාර්ෂික මහ සභා රැස්වීම 2022 ජනවාරි 30 වන දින සිංහ රෙජිමේන්තුවේ අධිපති මෙන්ම ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් කිත්සිරි ලියනගේ ගේ උපදෙස් පරිදි අඹේපුස්ස, සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී, COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා නියම කර ඇති සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් පැවැත්විණ.
10th January 2022 21:46:13 Hours
බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සුවය ලැබීමෙන් පසුව ඇතිවු සංකූලතාවයක් හේතුවෙන් මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සිකුරාදා (31) දින හදිසියේ අභාවප්‍රාප්ත විය.