Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

01st April 2022 19:10:36 Hours

සිංහ රෙජිමේන්තු ආධුණික පුහුණු පාසල වෙතින් පුහුණුව ලැබූ ආධුනික සෙනින් 217 ක් විසිර යයි

කෑගල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු (SLSR) ආධුණික පුහුණු පාසල වෙතින් ආධූණික පුහුණු පාඨමාලා අංක - 33 යටතේ බඳවා ගත් ආධුණික සෙනින් 217 ක් දෙනෙකු මූලික යුද්ධ හමුදා පුහුණුවෙන් පසු 2022 මාර්තු 31 (බ්‍රහස්පතින්දා) දින වර්ණවත් පෙළපාලියකදී විසිර ගියහ.

ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය යටතේ බඳවා ගත් සෙනින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි බටහිර ආරක්ෂක සේනා ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා රෙජිමේන්තු අධිපති වන මේජර් ජෙනරාල් කිත්සිරි ලියනගේ වෙත තම දෙමාපියන් ඉදිරියේදී වර්ණවක් පෙළපාළියකදී සිය ආචාර පුදකළහ.

ආධුණික පුහුණු පාසලේ සේනාවිධායක මෙන්ම පාඨමාලාවේ ප්‍රධාන උපදේශක ලෙසද කටයුතු කළ මේජර් එස්.එම්.ඒ.ටී සමරකෝන් මහතාගේ අධීක්ෂණය සහ මඟපෙන්වීම යටතේ එම නවකයින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පුහුණු පාසලේ මාස හතරක දීර්ඝ පුහුණුවක් ලැබූහ.

මෙම පාඨමාලාවේ 3 වන ඛණ්ඩය දක්ෂතම ඛණ්ඩය ලෙස තේරී පත් වූ අතර දක්ෂතම ඛණ්ඩ අණදෙන්නා ලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ 2 වන ලුතිනන් බී. එම්. එස්. ඩී ජයසුන්දර තේරී පත් විය. දක්ෂතම සැරයන් වරයා ලෙස සැරයන් ආර්.එම් රත්නායක ද, පාඨමාලාවේ දක්ෂතම ශාරීරික පුහුණු උපදේශකවරයා ලෙස ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් කේ.එම්.එස්. සංජීව ද තේරී පත් විය.

ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් ආධුණික සෙබල බී. ජී. ඒ. ඩී රූපසිංහ හොඳම වෙඩි තබන්නා ලෙසද ආධුණික සෙබල ජී. ඩී. කේ. තිසරු පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර සෙබලා ලෙසද සම්මාන දිනාගත්හ. නවක සෙබල කේ. බී. කේ. ඩී. ගයාෂාන් හොඳම ශාරීරික පුහුණුව ඇති සෙබලා ලෙස සම්මානය හිමිකර ගන්නා ලදී.

කර්නල් දුලිත පෙරේරා, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, එම බඳවාගත් සිසුන්ගේ දෙමාපියන් සහ ඥාතීන් මෙම විසිර යාමේ පෙළපාලියට එක්ව සිටියහ.