25th April 2021 15:46:13 Hours
වසර 35 ක යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තැබීමට නියමිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ හිටපු මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් අජිත් පල්ලාවල වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවය රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉකුත් ඉරිදා (18) දින පැවැත්විය.
20th April 2021 20:19:51 Hours
නිකවැව ප්‍රදේශයේ ස්ථාපිත ගුවන් සංක්‍රමික පුහුණු පාසැල මගින් 2021 ජනවාරි මස 04 වන දින ආරම්භ කරන ලද "කණ්ඩායම් පුහුණු පාඨමාලා අංක: 01" 2021 අප්‍රේල් මස 11 වන දින සාර්ථක ලෙස අවසන් විය.
20th April 2021 20:00:52 Hours
යුද්ධ හමුදා සුභසාධක අධ්යක්ෂ මණ්ඩලයේ 32 වන අධ්යක්ෂ වශයෙන් බ්‍රිගේඩියර් කණිෂ්ක හෙයියන්තුඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරී 2021 අප්‍රේල් මස 08 වන දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ දී සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
18th April 2021 12:05:36 Hours
යුද්ධ හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව නොගැඹුරු මුහුදේ මුර සංචාර සිදුකිරිම සදහා ස්ථාපනය කිරිමට නියමිත 1 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් ඒ සදහා සුදානම් විමට පෙර සිදුකරන ලද පාඨමලා අතුරින් විශේෂ බළකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසල නායාරු වෙතින් පවත්වන ලැබු මුලික කිමිදුම් පාඨමාලාව සාර්ථකව නිමා කර 2021.04.04 වන දින විසිර යන ලදි.
03rd February 2021 06:32:50 Hours
21 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ හත්වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් එම්පීඑස්කේ නිල්මල්ගොඩ ආර්ඩබ්ලිව්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වව්නියාව ඕමන්ත හි ස්ථානගත බළඇණි මූලස්ථානයේදී 2021 ජනවාරී මස 29 වන දින වැඩ භාරගන්නා ලදී.
30th January 2021 07:41:54 Hours
23 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අට වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් එම් ඒ ඩබිලිව් මුණසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සෙංගමුව පොතුවිල් හි ස්ථානගත බළඇණි මූලස්ථානයේදී 2021 ජනවාරි මස 28 වන දින වැඩ භාරගන්නා ලදී.
27th January 2021 07:11:36 Hours
16 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් එස්එම්එස් සූරියබණ්ඩාර පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වව්නියාව, කරප්පුකුට්ටි හි ස්ථානගත බළඇණි මූලස්ථානයේදී 2020 දෙසැම්බර් 14 වන දින වැඩ භාරගන්නා ලදී.
27th January 2021 07:02:55 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා මූල්සථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකය යටතේ ඇති 233 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් වසන්ත හේවගේ වාකරේ පිහිටි එම බලසේනා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
26th January 2021 09:54:47 Hours
අඹේපුස්සේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ රැක බලා ගන්නා එල්සා සිංහ දේනුව සිය තෙවන උපන් දිනය පසුගිය සිකුරාදා (22) සැමරුවාය. ඈ වෙනුවෙන් උපන්දින කේක් අනුරුවක්ද සිංහ රෙජිමේන්තුව විසින් සකසා තිබූ අතර උපන්දින සැමරුමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ධම්මික දිසානායක, එම රෙජිමේන්තුවේ නිලධාරීන් සෙසුනිලයින් මෙන්ම එම සුරතලුන් රැකබලාගන්නා අයවළුන්ද සහභාගී වූහ.
08th December 2020 06:57:22 Hours
මෑතකදී නිල උසස්වීම ලද ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට (ශ්‍රීලංසිරෙ) අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන මේජර් ජෙනරල් අජිත් පල්ලාවෙල සහ මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ වෙනුවෙන් සංවිධානය කරන ලද උපහාර උත්සවයක් 2020 දෙසැම්බර් මස 05 වන දින අඹේපුස්සේ පිහිටි ශ්‍රීලංසිරෙ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.