Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

26th January 2021 09:54:47 Hours

සිංහ රෙජිමේන්තුවේ 'එල්සා' සිය තෙවන උපන් දිනය සමරයි

අඹේපුස්සේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ රැක බලා ගන්නා එල්සා සිංහ දේනුව සිය තෙවන උපන් දිනය පසුගිය සිකුරාදා (22) සැමරුවාය. ඈ වෙනුවෙන් උපන්දින කේක් අනුරුවක්ද සිංහ රෙජිමේන්තුව විසින් සකසා තිබූ අතර උපන්දින සැමරුමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ධම්මික දිසානායක, එම රෙජිමේන්තුවේ නිලධාරීන් සෙසුනිලයින් මෙන්ම එම සුරතලුන් රැකබලාගන්නා අයවළුන්ද සහභාගී වූහ.

උපන්දින කේක් සඳහා සාම්ප්‍රදායිකව යොදාගන්නා තිරිඟුපිටි, සීනි සහ අයිසින් වෙනුවට මස් කැබලිවලින් සමන්විත ව අඩි දෙකක උසින් යුතුව නිර්මාණය කර තිබූ මෙම සුවිශේෂි උපන්දින කේක් අනුරුව එල්සාගේ උපන්දින සැමරුම් උත්සවය සංකේතවත් කළේය.

මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උපන්දින කේක් අනුරුව කැපීමෙන් අනතුරුව උපන්දින කේක් කැබැල්ලක් එල්සා වෙත පිළිගැන්වීම සිදුවුයේ සියලු දෙනාගේම අත්පොළසන් නාදය මධ්‍යයේය. ඉන් මෙම උපන්දින සාදය තවත් වර්ණවත් විණ.