27th July 2020 12:45:58 Hours
571 වන බළසේනාධිපතිගේ උපදෙස් මත 1 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරිගේ අධික්ෂණය යටතේ සංවිධානය කරනු ලැබූ වර්ථමාන සමාජය තුල සීඝ්රයෙන් පැතරී යමින් පවතින මත් ද්‍රව්‍ය වර්ග පිළිබද සහ ඒවා ශරිර ගත විමේන් ශරිරයට ඇතිවන අහිතකර බලපෑම, අනවසර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මත්ද්‍රව්‍ය භාවිතා කරනු ලබන පුද්ගලයන් හදුනා ගත හැකි ආකාර සහ ඒවායේ ඇති නිතීමය පැතිකඩ පිළිබද සවිස්තරාත්මක දේශණයක් 2020/07/24 වන දින 0800 පැයේ සිට 1030 පැය දක්වා කාලය තුල ත්‍රිකුණාමලය සුරාබදු ඒකකයේ සුරාබදු පරික්ෂක නිළධාරි ඒඑම්ජේඑස්බි අත්තනායක මහතා විසින් මෙම ඒකක දේශණ ශාලාවේදි පවත්වන ලදි. මෙම දේශණය සදහා මෙම ඒකකයේ නිළධාරින් සහ සෙසු නිලයින් සහභාගි විය.
21st May 2020 15:52:24 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 13 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න 2020.05.18 වන දින සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.
14th May 2020 11:52:49 Hours
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිත පාබල අධ්යක්ෂ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ගේ සේවය අගයනු වස් ඉකුත් අගහරුවාදා (12) දින යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලය වෙත ඇරයුම් කළ අතර යුද්ධ හමුදාධිපතිතුමන්, නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ට විශේෂ සමරු තිළිණයක් ප්රදානය කරමින් එතුමන්ගේ ඉදිරි කටයුතු සඳහා සිය සුබපැතුම් එක් කළේය.
13th May 2020 12:16:50 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට හිමි 'ජනාධිපති යෂ්ඨිය' සහ 'රෙජිමේන්තු යෂ්ඨිය' ස්ථානගත කිරීම වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද යෂ්ඨි මන්දිරය විවෘත කිරීම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදා පාබල අධ්යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ගේ ප්‍රධානත්වයෙන් 2020 මැයි මස 09 වැනි දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
13th March 2020 06:28:57 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් කේ.එම්.ඩී.අයි.පී කමල්ගොඩ සිකුරාදා (6) දින සරල උත්සවයකදී පුත්තලම හි පිහිටි යුද්ධ හමුදා ආධුණික පුහුණු පාසලේ 1 වන සේනාවිධායක ලෙස වැඩ භාර ගන්නා ලදි.
12th March 2020 12:48:37 Hours
'මානසික සෞඛ්‍යය හා සියදිවි නසාගැනීම් වැළැක්වීම' පිළිබඳ තවත් දැනුවත් කිරීමේ වැඩසටහනක් අඟහරුවාදා (10) අඹේපුස්ස හි සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලය විසින් ඔවුන්ගේ බහුකාර්ය අධ්‍යාපන හා දැනුවත් කිරීමේ වැඩසටහන් වලට අනුකූලව පවත්වන ලදී. මෙම දේශන යුද්ධ හමුදාවේ සියලුම නිලයන්හි ප්‍රයෝජනය සඳහා පවත්වනු ලැබේ.
12th March 2020 12:41:37 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්යක්ෂ ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ගේ මගපෙන්විම මත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙහි නිලධාරීන්ගේ දැනුම වැඩි දියුණු කිරීම අභිප්‍රාය ඇතිව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය 2020 මාර්තු 06 වන දින සන්ද්‍යවේ අඹේපුස්ස නිලධාරී නිවස්නයේ මෙම වැඩසටහන සංවිධානය කරනලදි.
12th March 2020 11:28:31 Hours
පාකිස්තානයේ දී මාර්තු 01 - 05 දින දක්වා පැවති 3 වන ජාත්‍යන්තර පාකිස්තාන හමුදා කාර්යක්ෂම කණ්ඩායම් (PATS) තේරීමේ තරඟයට සහභාගී වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම රිදී පදක්කම දිනා ගන්නා ලදි.
25th February 2020 12:47:02 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සැම්බිහානු යුද්ධ හමුදාව අතර පවත්නා ද්වීපාර්ශවික සුහදත්වය, සම්බන්ධතාවය සහ අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් සැම්බියානු ජනරජයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwepsc DIP (DSS) MA (DSS) ශ්‍රි ලංකාවේ සිදුකරනු ලබන දින පහක නිල සංචාරය අතරතුර පසුගිය සඳුදා (24) දින උදෑසන වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධහමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවීම සඳහා යුද්ධ හමුදා මුලස්ථානයට පැමිණි අයස්ථාවේදී එතුමන් වෙත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මානමුරයක් පිරිනමනු ලැබීය.
20th February 2020 12:41:31 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් සේවයේ නියතු නිලධාරීන්, සෙසුනිලයන් හා සිවිල් සේවක මහතුන්ගේ භාර්යාවන්ගේ සහය ඇතිව සුභසාධන කටයුතු මූලික කරගනිමින් පිහිටුවාගන්නා ලද “සිංහ දිරිමග” වැඩසටහන් මාලාවෙහි දෙවන දිනය 2020 පෙබරවාරි මස 15 වන දින ඉතා සාර්ථකව අවසන් වනවිය.