Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

12th March 2020 12:41:37 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙහි නිලධාරීන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා දේශන මාලාවක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ගේ මගපෙන්විම මත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙහි නිලධාරීන්ගේ දැනුම වැඩි දියුණු කිරීම අභිප්‍රාය ඇතිව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය 2020 මාර්තු 06 වන දින සන්ද්‍යවේ අඹේපුස්ස නිලධාරී නිවස්නයේ මෙම වැඩසටහන සංවිධානය කරනලදි.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපතිතුමා විසින් ආරාධිත දේශක “උපායමාර්ගික අවදානමි විසඳුම්” හි ප්‍රධාන විධායක නිලධාරි දමිත් කුරුන්දුහේවා මහතා සාදරයෙන් පිළිගත්තේය. ඔහු රට පුරා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන බොහෝමයක පිළිගත් කළමනාකරණ උපදේශක / කළමනාකරණ පුහුණුකරුවෙකි. ඔහු බොහෝ වෘත්තීය හා සමාජ සංසද සඳහා ආරාධිත කථිකයෙකු ලෙස ද හැඳින්වේ.

“පෞරුෂ සංවර්ධනය හා මූල්‍ය කළමනාකරණය” නම් වූ දේශනය පැමිනසිටි පරිසගේ සිත් ගත්තේය. දේශනය සහ අන්තර්ක්‍රියාකාරී ප්‍රශ්නෝත්තර සැසිවාරයෙන් පසුව, සියලු දෙනා විනෝදාස්වාද සැසිය සඳහා නිලධාරී නිවස්නයට රැස් වූහ.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුද්නායක මහතා විසින් දමිත් කුරුන්දුහේවා මහතා වෙත සමරු තිළීනයක් ද පිළිගැන්වීය.

එමෙන්ම, එදින (6) උදෑසන ශ්‍රී ලංකා පොලිසියේ නීති කටයුතු පිළිබඳ ප්‍රධානි අජිත් රෝහන මහතා, පාස්කු ඉරිදා සංහාරයෙන් පසු ජාතික ආරක්‍ෂාව යන මාතෘකාව යටතේ පුහුණු දින සැසිවාරයට සහභාගී වු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු නිලධාරීන් දැනුවත් කළේය.

වෘත්තීය ඉංග්‍රීසි භාෂා ගුරුවරියක වන සහ වර්තමානයේ රජයේ සංවිධානයක භාෂා පුහුණු ඒකකයේ ප්‍රධානියා ලෙස සේවය කරන තමරා කන්නන්ගර මහත්මිය, ‘බාධක අවස්ථාවන් බවට පරිවර්තනය කරන්නේ කෙසේද සහ සෞඛ්‍ය සම්පන්න පවුල් ජීවිතයක් ගත කරන්නේ කෙසේද’ යන මාතෘකාව යටතේ දේශනයක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙහි මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල, ජ්‍යෙෂ්ට නිලධාරීන්, මාණ්ඩලික නිලධාරී සහ සිංහ රෙජිමේන්තු නිලධාරීන් ද සහභාගී වූහ.