Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

12th March 2020 12:48:37 Hours

නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අධ්‍යාපනික දේශන මාලාවක්

'මානසික සෞඛ්‍යය හා සියදිවි නසාගැනීම් වැළැක්වීම' පිළිබඳ තවත් දැනුවත් කිරීමේ වැඩසටහනක් අඟහරුවාදා (10) අඹේපුස්ස හි සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඔවුන්ගේ බහුකාර්ය අධ්‍යාපන හා දැනුවත් කිරීමේ වැඩසටහන් වලට අනුකූලව පවත්වන ලදී. මෙම දේශන යුද්ධ හමුදාවේ සියලුම නිලයන්හි ප්‍රයෝජනය සඳහා පවත්වනු ලැබේ.

යුද්ධ හමුදාධිපතිතුමා ගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් බොහෝ දුරට අවධානය යොමු කරන්නේ ‘මානසික හා ශාරීරික යහපැවැත්ම වැඩිදියුණු කිරීම’ කෙරෙහි ය. මෙම සැසිවාරය යුද්ධ හමුදා දේශකයින් විසින් ඇමතූ අතර 300 කට අධික පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වූහ.

නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක මණිඩලයේ ජ්‍යෙෂ්ට සායනික නිලධාරී මේජර් යූපී මල්ලවආරච්චි, ලුතිනන් එන්පීඑන්ටී පියතිලක, ලුතිනන් ජේඩීයූසී ජයකොඩි සහ ලුතිනන් පීඑම්ටීඑච්ආර් විජේසේන විසින් මෙම දේශන පවත්වන ලදී.