Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

20th February 2020 12:41:31 Hours

සිංහ දිරිමග දෙවන අධියර

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් සේවයේ නියතු නිලධාරීන්, සෙසුනිලයන් හා සිවිල් සේවක මහතුන්ගේ භාර්යාවන්ගේ සහය ඇතිව සුභසාධන කටයුතු මූලික කරගනිමින් පිහිටුවාගන්නා ලද “සිංහ දිරිමග” වැඩසටහන් මාලාවෙහි දෙවන දිනය 2020 පෙබරවාරි මස 15 වන දින ඉතා සාර්ථකව අවසන් වනවිය.

ඒ අනුව 2020/2021 වර්ෂයේ විශ්‍රාම යාමට නියමිත සිංහ විරුවන් සඳහා මුල්‍ය කලමනාකරණය පිළිබඳ ඉතා වැදගත් දේශණයක් STRATEGIC RISK SOLUTIONS ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී දමිත් කුරුදුහේවා මහතා විසින් සිදුකල අතර ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු අලෙවි හා බදවාගැනීම් ) මංගල රංදෙනිය මහතා සහ එම කාර්ය මණ්ඩලය විසින් ඔවුන් හට විදේශ රැකියා ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදය සහ ඉතා ඉහල ඉල්ලුමක් ඇති රැකියා අවස්ථා පිළිබඳ විග්‍රහයක්ද සිදුකරන ලදී.

තවද යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සහ පිරිස් පාලක අධ්‍යක්‍ෂක මණ්ඩලයන්හි උපදේශකයන් විසින් විශ්‍රාම ගන්වනු ලබන යුද්ධ හමුදා සාමාජිකයන් හට සපයනු ලබන සේවාවන් හා පාලන කටයුතු පිළිබඳ දැණුවත් කරන ලදී.