Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

13th May 2020 12:16:50 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට හිමි යෂ්ඨි මන්දිරය සහ ජේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් ඉදිකරන ලද 'කඩුපුල්' සහ 'මදාරා' නිවාඩු නිකේතනයන් විවෘත කිරීම

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට හිමි 'ජනාධිපති යෂ්ඨිය' සහ 'රෙජිමේන්තු යෂ්ඨිය' ස්ථානගත කිරීම වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද යෂ්ඨි මන්දිරය විවෘත කිරීම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදා පාබල අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ගේ ප්‍රධානත්වයෙන් 2020 මැයි මස 09 වැනි දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

එයට සමගාමීව, රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ ජේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් ඉදිකරන ලද 'කඩුපුල්' සහ 'මදාරා' නිවාඩු නිකේතනයන් විවෘත කිරීම ද රෙජිමේන්තු අධිපතිතුමන් ප්‍රමුඛ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කුමුදු පෙරේරා සහ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. එමෙන්ම මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවල ඇතුළු සිංහ රෙජිමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.