08th February 2019 12:53:29 Hours
ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සිංහ ණැනස ව්‍යාපෘතියේ සිව්වන දිගහැරුම ලෙස යහපත්, විනයගරුක හා ආකල්පයෙන් උසස් සෙබළ පිරිසක් බිහිකිරිමේ අරමුණින් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම හා චමින්ද වාස් යන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපලගේ සහභාගිත්වයෙන් 2019 පෙබරවාරි මස 07 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය අඹේපුස්ස හීදී වැඩමුළුවක් පැවැත්විණි.
09th January 2019 15:26:19 Hours
සමස්ථ සමාජයටම පිළිලයක්ව පවතින මත් උවදුර පිටුදැකීම හා නව වසරේ නව අරමුණු පෙරදැරිව කටයුතු කරමින් සාර්ථකත්වයක් ලබාගන්නේ කෙසේද යන්න කදිමට විවරණය කල ප්‍රවීණ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය චන්දන ගුණවර්දන මහාතා පැය 04 කට වැඩි කාලයක් පුරාවට සිය වටිනා දැනුම් සම්භාරය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුළු 1400 කට අසන්න නිළධාරි හා සෙසුනිළයන් හමුවේ නිර්ලෝභීව බෙදා දෙන ලදි.
07th January 2019 10:53:21 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කරාටේ ක්‍රීඩකයින් අඛණ්ඩව හත්වන වරටත් යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කරාටේ ශූරතාවලිය දිනාගැනීමට සමත් විය. සමස්ථ තරඟාවලිය සඳහා සිංහ රෙජිමේන්තු ක්‍රීඩකයන් 59 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන්ගේ සාමූහික උත්සාහයේ ප්‍රතිළුලයක් ලෙස රන් පදක්කම් 11, රිදී පදක්කම් 12 ක් හා ලෝකඩ පදක්කම් 20 ක් වශයෙන් සම්පූර්ණ පදක්කම් 43 ක් සිංහ රෙජිමේන්තු නාමය ඉදිරියේ සටහන් කරවීමට හැකියාව ලැබිණි.
07th January 2019 10:18:54 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දොළොස්වන බල ඇණිය විසින් ඒකකය තුල පැවති අඩු පහසුකම් සහිත කායවර්ධන මධ්‍යස්ථානය වෙනුවට සියළු පහසුකම් වලින් පිරි නව කායවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකර නිලධාරී සෙසුනිල ප්‍රයෝජනය සඳහා 2018 දෙසැම්බර් මස 24 වන දින මධ්‍යස්ථාන සේනා විධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
07th January 2019 10:05:10 Hours
රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම්කේඩි පෙරේරා ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරී ගේ සෘජු අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ සිංහ සේවා වනිතා ගරු සභාපති ශිරෝමී මාසකෝරාල මැතිණියගේ උපදෙස් මත සිංහ නැණස ව්‍යාපෘතියේ තවත් අංගයක් ලෙස සිංහ රෙජිමේන්තු නිලධාරී සෙසු නිලයන්ගේ දුවා දරුවන් 68 දෙනෙකු වෙනුවෙන් නේවාසික පස් දින වැඩමුළුවක් පැවැත්වූ අතර එය 2018 දෙසැම්බර් මස 18 වන දින ආරම්භ විය.
07th January 2019 09:51:37 Hours
රාත්‍රී මුර රාජකාරියේ යෙදී සිටියදී අවාසනාවන්ත ලෙස මරණයට ලක්වූ සෙ/383763 රයිෆල් සෙබළ ජයසේන ඩබ්එම්එන්එස් කෑගල්ල දිස්ත්‍රික්කයේ උඳුගොඩ ප්‍රදේශයේ වාසය කල අතර ඔහු හා මාපියන් දිවිගෙවූ නිවස වාසය සඳහා සුදුසු තත්වයක නොවු බව සිංහ සේවා වනිතා ගරු සභාපති තුමියගේ නිරීක්ෂණයට ලක්වී තිබුණි.
13th December 2018 21:32:50 Hours
ඉදිරි ජනවාරි මාසය තුල විශ්‍රාම ගැනීමට නියමිත මේජර් ජෙනරල්වරුන් වන මේජර් ජෙනරල් එස්එච්එෆ්පි පෙරේරා ආර්එස්පි,මේජර් ජෙනරල් ඊඑම්ජි වික්‍රමනායක,මේජර් ජෙනරල් එච්ආර් වික්‍රමසිංහ යුඑස්පි,මේජර් ජෙනරල් එච් කුලතුංග ආර්එස්පි,මේජර් ජෙනරල් කේඑම්ඩිඒඒ ද සිල්වා යුඑස්පි,මේජර් ජෙනරල් යුඒටි හැන්නදිගේ ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගෙන් ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවට හා ජාතියට සිදු වූ සේවය අගයමින් රෙජිමේන්තු අධිපති තුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 2018 දෙසැම්බර් 12 දින ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය අඹේපුස්ස හිදි රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිණමන ලදි.
01st June 2018 12:09:48 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (කිලිනොච්චි) වෙතින් 2018 වර්ෂය සඳහා පවත්වනු ලැබු නව නිපැයුම් ප්‍රදර්ශණය ආසේමු (කිළි) ආඥාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2018.05.28 වන දින ආසේමු (කිළි) නෙළුම්පියස ශ්‍රවණාගරයේදි පවත්වන ලදි.
25th April 2018 15:16:50 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ සිංහ සූර්ය මංගල්‍යය - 2018 සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය සෙනසුරාදා (21) දින සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රීඩා පිටියේදී පවත්වනු ලැබීය.
17th April 2018 12:13:17 Hours
වර්තමාන රෙජිමේන්තු සුරතලා වන කූගර් (III) ගේ පළමු උපන්දිනය 2018 අප්‍රේල් මස 06 වන දිනට යෙදී තිබු අතර මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් , සියළුම නිළධාරීන් හා සෙසු නිලයන් ගේ සහභාගිත්වයෙන් 2018 අප්‍රේල් මස 10 වන දින කඳවුරු පරිශ්‍රය තුලදී එම අවස්ථාව උත්සවා කාරයෙන් සමරනු ලැබීය.