Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

07th January 2019 09:51:37 Hours

රාජකාරියේදී මියගිය සෙබලාගේ මාපියන්ට නිවසක්

රාත්‍රී මුර රාජකාරියේ යෙදී සිටියදී අවාසනාවන්ත ලෙස මරණයට ලක්වූ සෙ/383763 රයිෆල් සෙබළ ජයසේන ඩබ්එම්එන්එස් කෑගල්ල දිස්ත්‍රික්කයේ උඳුගොඩ ප්‍රදේශයේ වාසය කල අතර ඔහු හා මාපියන් දිවි‍ගෙවූ නිවස වාසය සඳහා සුදුසු තත්වයක නොවු බව සිංහ සේවා වනිතා ගරු සභාපති තුමියගේ නිරීක්‍ෂණයට ලක්වී තිබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස සිංහ සේවා වනිතා අරමුදල් වැය කර සිංහ විරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් එම නිවස පූර්ණ අලුත්වැඩියාවකට ලක්කර පිළිසකර කිරීමට කටයුතු යෙදුනු අතර ඒ සඳහා රෙජිමේන්තු අධිපති තුමාගේ පූර්ණ අනුග්‍රහය හා උපදෙස් ලබාදෙන ලදී.

සාමූහික උත්සහයක අවසන් ප්‍රතිඵලයක් ලෙස දැකුම්කළු අංගසම්පූර්ණ නිවසක් ඉදිවූ අතර එය රයිෆල් සෙබළ ජයසේන ඩබ්එම්එන්එස් ගේ මාපියන් වෙත 2018 දෙසැම්බර් මස 18 වන දින ගරු සිංහ සේවා වනිතා සභාපති තුමිය අතින් භාරදෙනු ලැබීය.