Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

13th December 2018 21:32:50 Hours

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරල්වරුන් හය දෙනෙකුගේ සේවය අගයයි

ඉදිරි ජනවාරි මාසය තුල විශ්‍රාම ගැනීමට නියමිත මේජර් ජෙනරල්වරුන් වන මේජර් ජෙනරල් එස්එච්එෆ්පි පෙරේරා ආර්එස්පි,මේජර් ජෙනරල් ඊඑම්ජි වික්‍රමනායක,මේජර් ජෙනරල් එච්ආර් වික්‍රමසිංහ යුඑස්පි,මේජර් ජෙනරල් එච් කුලතුංග ආර්එස්පි,මේජර් ජෙනරල් කේඑම්ඩිඒඒ ද සිල්වා යුඑස්පි,මේජර් ජෙනරල් යුඒටි හැන්නදිගේ ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගෙන් ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවට හා ජාතියට සිදු වූ සේවය අගයමින් රෙජිමේන්තු අධිපති තුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 2018 දෙසැම්බර් 12 දින ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය අ‍ඹේපුස්ස හිදි රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිණමන ලදි.

මෙම රාත්‍රි භෝජන සංග්‍රහය සදහා රෙජිමේන්තු අධිපති තුමන් හා එම මැතිණිය, සියළුම ජ්‍යෙෂ්ඨ නිළධාරින් හා බිරින්දෑවරුන්, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් හා එම මැතිණිය , සියළුම අනදෙණ නිළධාරින් හා බිරින්දෑවරුන් ද, නව විවාහ පත් සිංහරෙජිමේන්තු තරුණ නිළධාරින් හා එම බිරින්දෑවරුන් සහභාගි විය.